March 1, 2026

චීන සහ දකුණු කොරියානු නායකයින් එකඟතා කිහිපයකට එළඹි බව චීන විදේශ අමාත්‍යංශය පවසයි

දකුණු කොරියානු ජනාධිපති Lee Jae Myung මහතාගේ පළමු චීන නිළ සංචාරය පිළිබඳව, චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පෙන්වා දුන්නේ, චීන සහ දකුණු කොරියානු නායකයින් එකඟතා කිහිපයකට එළඹ ඇති බවයි.

මෙම සංචාරය අතරතුර, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ දකුණු කොරියානු ජනාධිපති Lee Jae Myung මහතා දෙරට අතර සබඳතා මෙන්ම, ජාත්‍යන්තර හා කලාපීය තත්ත්වය පිළිබඳව ගැඹුරු අදහස් හුවමාරු කර ගත්හ. ඔවුහූ චීන-දකුණු කොරියානු උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වයේ සංවර්ධනය ගැඹුරු කිරීම සඳහා මග පෙන්වීමක් ලබා දුන්හ. දෙපාර්ශ්වයම එකිනෙකාගේ මූලික අවශ්‍යතා සහ ප්‍රධාන උත්සුකයන්ට ගරු කිරීම, සංවර්ධන උපාය මාර්ග සහ ප්‍රතිපත්ති සම්බන්ධීකරණයේ පෙළගැස්ම ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර හා බහුපාර්ශ්වික කටයුතු පිළිබඳ සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම පිළිබඳ වැදගත් එකඟතාවකට පැමිණියහ.

දකුණු කොරියාව සමඟ, දෙරටේ නායකයින් විසින් ඇති කරගත් වැදගත් එකඟතාවන් මැනවින් ක්‍රියාත්මක  කිරීමෙන්, වඩාත් සැලකිය යුතු ප්‍රතිඵල අත්කර ගැනීම සහ දෙරටේ ජනතාවට වැඩි ප්‍රතිලාභ ගෙන ඒම සඳහා කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද, Mao Ning මහත්මිය එහිදී සඳහන් ක‍ළා ය.

About The Author