March 2, 2026

රේගුව ඉතිහාසයේ වැඩිම ආදායම ලබයි

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ වැඩිම ආදායම වූ රුපියල් බිලියන 235ක් පසුගිය මාසයේදී උපයා ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් නෝනිස් පවසයි.

ශ්‍රී ලංකා රේගුව විසින් ආනයන හා අපනයනකරුවන්ගේ පහසුව සඳහා නිර්මාණය කරන ලද රේගු සටහන්කර දැනුම්දීමේ පද්ධතිය ජනගත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

රේගු කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම මෙන්ම අපනයනකරුවන්ගේ විශ්වාසය ඇති කිරීමේ අරමුණින් මෙම නව ක්‍රමවේදය හඳුන්වා දී ඇත.

About The Author