ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ භාෂා සහ සංස්කෘතික අධ්‍යයන හා ප්‍රාසංගික කලා අධ්‍යයනාංශයේ ජපන් භාෂාව හදාරන සිසුන් විසින් තෙවන වරට සංවිධානය කරනු ලබන “බොන් ඔදොරි” උත්සවය අගෝස්තු 22 වැනිදා ප.ව.4.00 සිට ප.ව.8.00 දක්වා විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. මෙවර බොන් ඔදොරි උත්සවය සඳහා ජපුර විශ්වවිද්‍යාලය හා අත්වැල් බැඳගන්නේ JaGAAS සංවිධානයයි.
මෙම උත්සවය, සිය ම,ගිය මුතුන් මිත්තන් සිහි කරනු වස් සෑම වසරක ම ග්‍රීෂ්ම සෘතුවේදී ජපන් වැසියන් විසින් පවත්වනු ලබන සාම්ප්‍රදායික උත්සවයකි. මේ සඳහා ම ආවේණික වූ බොන් ඔදොරි උත්සවයේදී සහභාගීවන්නන් සියලු දෙනා එක් ව නර්තනයේ යෙදෙමින් මෙම උත්සවය සැමරීම විශේෂත්වයකි.
මෙවර ජපුර බොන් ඔදොරි උත්සවයට සහභාගී වන්නන්ට ද බොන් ඔදොරි නර්තනයට එක් වීමට අවස්ථාව උදා වේ.
එසේ ම ජපන් ආහාර පාන, ජපන් ක්‍රීඩා, ජපුර සිසුන්ගේ මෙන් ම ආරාධිත විශ්වවිද්‍යාල සිසුන්ගේ, පාසල් සිසුන්ගේ ඉදිරිපත් කිරීම් සහ නිර්මාණවලින් උත්සවය වර්ණවත් වනු ඇත. ජපානයට සහ ජපන් සංස්කෘතියට ඇළුම් කරන සියලු දෙනාට ජපන් සිරි විඳගැනීමට පැමිණෙන මෙන් ජපුර විශ්වවිද්‍යාලය ඇරයුම් කර සිටී.
More Stories
චීන ඊජිප්තු සම්බන්ධතාවය ගොඩනැගීමේ 70වන සංවත්සරය වෙනුවෙන් දෙරට ජනපතිවරුන්ගෙන් සුබ පැතුම්
බහුධ්‍රැවීයකරණ ලෝකයක් හා නව ආකාරයේ ජාත්‍යන්තර සබඳතා මුලපිරීමක් පිළිබඳ චීන-රුසියානු ඒකාබද්ධ ප්‍රකාශය
රුසියානු ජනපතිගේ චීන නිල සංචාරය ඇරඹේ