Hainan පළාතේ නිදහස් වෙළඳ වරාය රේගු මෙහෙයුමක් අද(18) නිල වශයෙන් ආරම්භ වෙයි. ඒ අනුව නිදහස් වෙළඳ වරායට ඇතුළු වන සහ පිටවන භාණ්ඩ සඳහා රේගු ප්‍රකාශන සේවා ලබා ගැනීම සිදු කෙරේ. විදේශ වෙළඳාමට විවෘත වන රේගු වරායන් 8ක් සහ දේශීය වෙළඳාමට විවෘත වන රේගු වරායන් 10ක් මෙහිදී ක්‍රියාත්මකය.
මෙය ක්‍රියාවට නැංවීමත් සමග Hainan පළාතේ නිදහස් වෙළඳ වරාය සඳහා “ශුන්‍ය-තීරුබදු” ලැයිස්තුව භාණ්ඩ 1,900 අධික ප්‍රමාණයක සිට 6,600කට වඩා වැඩි ප්‍රමාණයක් දක්වා පුළුල් කෙරේ. ඒ සමගම, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ වෙළඳ වර්ධනය ප්‍රවර්ධනය කිරීමට විදේශ ආයෝජන සඳහා තවත් ලිහිල් වෙළඳපල ප්‍රවේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කෙරෙනු ඇත.
මෙය චීනයේ ප්‍රතිසංස්කරණ සහ විවෘතභාවය පුළුල් කිරීම සඳහා වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරන බව බොහෝ විදේශ මාධ්‍ය සඳහන් කර ඇත.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි