චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ අධිකරණයට හා චීන අභ්‍යන්තර කටයුතුවලට සිදුකරන ඕනෑම ආකාරයේ මැදිහත්වීමකට චීනය දැඩි ලෙස විරෝධය පළ කරයි.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද (15) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. ජිමී ලායි (Jimmy Lai) බාහිර බලවේග සමග එක්ව කුමන්ත්‍රණ සැලසුම් කර චීන විරෝධී අරගල ඇති කිරීම හේතුවෙන් වරදකරු ලෙස නම් කිරීම සම්බන්ධයෙන් ඇතැම් සංවිධාන හා රටවල ප්‍රකාශ පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් Guo Jiakun මහතා මෙම අදහස් පළ කළේය.
හොංකොං විශේෂ පරිපාලන කලාපය, නීතියේ ආධිපත්‍යය මගින් පාලනය වන ප්‍රදේශයකි. නීත්‍යනුකූලව ජාතිකාරක්ෂාව සහතික කිරීමට මෙන්ම එයට හානි සිදු කරන අපරාධවලට දඬුවම් කිරීමට චීන මධ්‍යම රජය හොංකොං විශේෂ පරිපාලන කලාපයට දැඩි ලෙස සහාය දෙන බව හෙතෙම පැවසීය. අදාළ නඩුව හොංකොං විශේෂ පරිපාලන කලාපයේ අභ්‍යන්තර කටයුත්තකි. චීන ස්වාධිපත්‍යය හා හොංකොං විශේෂ පරිපාලන කලාප නීතියට ගරු කරන ලෙස චීනය අදාළ රටවලින් ඉල්ලීමක් කර ඇත. තව ද අදාළ නඩු විභාගය කෙරෙහි වගකීම් විරහිත ප්‍රකාශ නිකුත් නොකරන ලෙසත් චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ අධිකරණයට හා චීන අභ්‍යන්තර කටයුතුවලට කිසිදු අයුරකින් මැදිහත් නොවන ලෙසත් චීනය අදාළ රටවලින් ඉල්ලා සිටින බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා සඳහන් කර ඇත.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති