පසුගිය නොවැම්බර් මාසයේ චීනයේ සමස්ත භාණ්ඩ ආනයන සහ අපනයන ප්‍රමාණය යුවාන් ට්‍රිලියන 3.9ක් බව චීන රේගු මහ පරිපාලනයේ වාර්තා පෙන්වා දෙයි.
ඊයේ(8) නිකුත් කළ එම නිල දත්තවල දැක්වෙන්නේ, එම ප්‍රමාණය පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා 4.1%ක ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි.
එය මෙම වසරේ පෙබරවාරි මස සිට නොවැම්බර් මාසය දක්වා මාස 10 තුළ අඛණ්ඩව ඉහළ යාමක් බව එම රේගු වාර්තාවල දැක්වේ.
මෙම වසරේ මුල් මාස 11 තුළ චීනයේ භාණ්ඩ ආනයන සහ අපනයන සමස්ත වටිනාකම යුවාන් ට්‍රිලියන 41.21ක් වන බවත් වාර්ෂිකව එහි වර්ධන අනුපාතය 3.6%ක් වන අතර එම වර්ධන වේගය මෙම වසරේ මුල් මාස 10 තුළ පැවති වර්ධන වේගයට සමාන වන බවත් එම වාර්තා පෙන්වා දෙයි.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති