චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සමග සුහද පිළිසඳරක නිරත වෙයි. ඒ අද(5) චීනයේ Sichuan පළාතේ Chengdu අගනුවර පිහිටි Dujiangyan වාරිමාර්ග ව්‍යාපෘති පරිශ්‍රයේ දීය.
චීනය සහ ප්‍රංශය වෙන්වෙන්ව නැගෙනහිර සහ බටහිර ශිෂ්ටාචාර නියෝජනය කරන බව ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කළේය. දෙරටට හිමි ස්වාධීන හා ස්වෛරී ජීවගුණය ආරම්භ වූයේ ඔවුන්ගේ ගැඹුරු සංස්කෘතික උරුමයන්ගෙනි. චීනය සහ ප්‍රංශය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීම, ස්වාධීන සහ ස්වෛරී ජාතීන් දෙකක් අතර “අතට අත දීමක් ” පමණක් නොව, එය දීප්තිමත් ශිෂ්ටාචාර දෙකක සුහද ආශ්‍රයක් ද වේ. වත්මන් සංකීර්ණ හා අස්ථාවර ජාත්‍යන්තර තත්ත්වය හමුවේ, මහා ඓතිහාසික හා සංස්කෘතික බලවතුන් දෙදෙනෙකු වශයෙන් චීනය සහ ප්‍රංශයට සංවාද සහ සහයෝගීතාවය තුළින් ලෝක සාමය හා ස්ථාවරත්වය සහ මානව වර්ගයාගේ ප්‍රගතිය සඳහා වැඩි දායකත්වයක් ලබා දීමට හැකි වනු ඇතැයි ෂී ජින්පිං මහතා සිය විශ්වාස පළ කරයි.
වත්මන් ජාත්‍යන්තර තත්ත්වය වේගයෙන් වෙනස් වෙමින් පවතින අතර එය අවිනිශ්චිතතාවයෙන් පිරී ඇති බව ප්‍රංශ ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය. චීනය සමඟ සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් සංවාද සහ සාකච්ඡා මගින් ගැටුම් නිරාකරණය කිරීම ප්‍රවර්ධනය කිරීමටත් ලෝක සාමය සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමටත් එක්ව ක්‍රියා කිරීමට ප්‍රංශය කැමැත්තෙන් සිටින බව ද ඔහු අවධාරණය කර ඇත.
සමීප සන්නිවේදනයක් පවත්වා ගනිමින් චීන-ප්‍රංශ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ අඛණ්ඩ සංවර්ධනය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය නායක දෙපළ එහිදී එකඟත්වය පළ කළහ.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි