චීන ජනාපධිපති ෂී ජින් පිං මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා මාධ්‍ය හමුවකට එක් වෙති. ඒ නායක දෙපළ ඊයේ(4) පෙරවරුවේ බෙයිජිංහිදී සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව ය.
දෙපාර්ශ්වය මිත්‍රශීලී සහ අවංකව සාකච්ඡා පැවැත්වූ බව ෂී ජින්පිං මහතා එම අවස්ථාවේදී පෙන්වා දුන්නේ ය. චීනය සහ ප්‍රංශය බහුපාර්ශ්විකත්වය අනුගමනය කරමින් සමාන සංවාද සහ විවෘත සහයෝගීතාව තුළින් චීන-ප්‍රංශ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ වටිනාකම සහ ගෝලීය බලපෑම පූර්ණ ලෙස පෙන්නුම් කළ යුතු යැයි දෙපාර්ශ්වය එකඟ වූ බව හෙතෙම කීය. දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කිරීම, ප්‍රායෝගික සහයෝගීතාව පුළුල් කිරීම, ජනතාව අතර හුවමාරු ප්‍රවර්ධනය කිරීම සහ ගෝලීය පාලනය ප්‍රතිසංස්කරණය කිරීම ඉදිරියට ගෙන යාම සඳහා දෙපාර්ශ්වය ඒකමතිකව එකඟ වූ බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
යුක්රේන අර්බුදයට දේශපාලන විසඳුමක් සඳහා චීනය අඛණ්ඩව ඵලදායී කාර්යභාරයක් ඉටු කරන බවත් වගකීම් විරහිත මඩ ගැසීම්වලට චීනය දැඩි ලෙස විරුද්ධ වන බවත් ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේ ය.
පලස්තීන ප්‍රශ්නයට කඩිනම්, පුළුල්, යුක්ති සහගත සහ කල් පවතින විසඳුමක් ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය සහ ප්‍රංශය එක්ව කටයුතු කරනු ඇත. ගාසා තීරයේ මානුෂීය අර්බුදය සමනය කිරීමට සහ එහි යළි සංවර්ධනය සඳහා සහාය වීමට පලස්තීනයට ඩොලර් මිලියන 100ක ආධාර ලබා දෙනු ඇති බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි