‘නම්‍යශීලීත්වයෙන් යුත් ලෝකයක් ගොඩනැංවීම’ සහ ‘සියලු දෙනාට ම සුබසෙත සැලසීමට හැකි සාධාරණ හා යුක්ති සහගත අනාගතය’ සම්බන්ධයෙන් චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා දේශනයක් පවත්වයි. ඒ පසුගියදා(22) සහ අද යන දෙදින දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි පැවති G20 කණ්ඩායමේ නායකයින්ගේ 20 වන සමුළුවේ දෙවැනි සහ තෙවැනි අදියරේ සැසිවාරයන්ට එක් වෙමිනි.
වර්තමානයේ, දේශගුණික විපර්යාස, බලශක්ති, ආහාර ඇතුළු බහුවිධ අභියෝගයන් හමුවේ, G20 කණ්ඩායම අන්තර්ජාතික සහයෝගිතා පුළුල් ලෙස පවත්වා ගත යුතු බව චීන අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය. මේ සඳහා, ජෛව පරිසර සංරක්ෂණ සහයෝගිතා, පරිසර හිතකාමී බලශක්ති සහයෝගිතා, ආහාර සුරක්ෂිතතා සහයෝගිතා පැවැත්විය යුත ව ඇත. එමෙන් ම, නව වටයේ විද්‍යා හා තාක්ෂණ විප්ලවය හා කාර්මික පරිවර්තනය වේගවත් ව සිදු කෙරෙමින් තිබේ. මෙයින් ලෝකය වෙත පෙර විරූ නොවූ සංවර්ධන අවස්ථා ගෙන දුන්න ද නව අසාධාරණත්වය හා සංවර්ධන පරතරයන් ද ඇති කළ හැකි ය. මෙවැනි තත්ත්වයන් යටතේ, G20 කණ්ඩායම කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ පුළුල් හඳුන්වාදීම් හා ඵලදායී පාලනය තහවුරු කළ යුතු අතර, ප්‍රධාන පතල් කර්මාන්තයේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සැලසෙන සහයෝගිතා හා ඒවායේ නිසි ප්‍රයෝජනය සහතික කළ යුතු වෙයි. එමෙන් ම, ගෝලීය දකුණේ රාජ්‍යයන් හි සංවර්ධන බලගැන්වීම් හා එහි ජීවනෝපායන්ට දක්වන සහාය තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ද චීන අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මේ අතර එහිදී ‘G20 කණ්ඩායමේ දකුණු අප්‍රිකා සමුළුවේ නායක ප්‍රකාශනය’ ද සම්මත කෙරිණ.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි