චීන අගමැති ලී ච්‍යං මහතා දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හිදී ඊයේ(22) පැවති G20 කණ්ඩායමේ නායකයින්ගේ 20වන සමුළුවේ ප්‍රථම අදියරේ සැසිවාරයට සහභාගි වෙමින් දේශනයක් පැවැත්වීය. “පොදු සහභාගිත්වයෙන් යුතු තිරසර ආර්ථික වර්ධනය” එහි ප්‍රධාන තේමාවයි.
වත්මන් ලෝක ආර්ථිකය නැවතත් ඒකපාර්ශ්වවාදය, ආරක්ෂණවාදය, විවිධ ආර්ථික හා වෙළඳ සීමාවන් සහ ගැටුම් වැඩි වීම වැනි අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින බව ලී ච්‍යං මහතා එහිදී පෙන්වා දුන්නේය. පවතින ගැටළුවලට මුහුණ දෙන G20 කණ්ඩායම, ඒ සඳහා විසඳුම් ගවේෂණය කරමින් යළි සියලු පාර්ශ්වයන්ගේ එකමුතුවෙන් සහයෝගිතා පැවැත්වීම ප්‍රවර්ධනය කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.
චීනය “අප්‍රිකාවේ සහ ඌණ සංවර්ධිත රටවල කාර්මිකකරණයට සහාය වීම සඳහා G20 මුලපිරුම ක්‍රියාත්මක කිරීමේ චීනයේ ක්‍රියාමාර්ග” නිකුත් කර තිබේ. එමගින් සංවර්ධනය වෙමින් පවතින රටවල ණය අනුපාතය අඩු කිරීම සඳහා චීනය සහාය වනු ඇත. එසේම චීනය සහ දකුණු අප්‍රිකාව එක්ව “අප්‍රිකාවේ නවීකරණයේ සහයෝගීතාවයට සහාය වීමේ මුලපිරුම” යෝජනා කර ඇති අතර විවිධ රටවල පොදු සංවර්ධනය ප්‍රවර්ධනය සඳහා ගෝලීය සංවර්ධන ආයතනයක් ස්ථාපිත කිරීමට චීනය සූදානමින් සිටින බව ද චීන අගමැතිවරයා සඳහන් කළේය.
සැසිවාරයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී, සමුළුවට සහභාගි වූ විවිධ පාර්ශ්වයන් මූලික න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇත. එහිදී ‘G20 කණ්ඩායමේ නායකයින්ගේ ජොහැන්නස්බර්ග් සමුළුවේ ප්රකාශනය’ සම්මත කෙරිණ. G20 සමුළුව ආරම්භක දිනයේදී ඒකාබද්ධ ප්‍රකාශයක් සම්මත කරගත් පළමු අවස්ථාව මෙයයි.
More Stories
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ සිව්වන සැසිවාරය පිළිබඳ මාධ්‍ය හමුව මාර්තු 3වැනිදා පැවැත්වේ
මැද පෙරදිග ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව චීන-රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සාකාච්ඡාවක්
ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීම චීනය දැඩිව හෙළා දකී