චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා ස්පාඤ්ඤ හයවන Felipe රජු හමුවෙයි. ඒ ඊයේ (12) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ය.
ස්පාඤ්ඤය සමග එක්ව සාම්ප්‍රදායික මිත්‍රත්වය සහතික කරමින් දේශපාලන විශ්වාසය තහවුරු කර අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලබා ගත හැකි සහයෝගිතා ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Li Qiang මහතා එහිදී පැවසීය. වඩා වැඩි චීන ව්‍යවසායන් ස්පාඤ්ඤයේ ආයෝජන කිරීමටත්, කෘත්‍රිම බුද්ධි යන නැඟි එන කර්මාන්තවල සහයෝගිතා පවත්වා ගැනීමේ අවස්ථා සොයා ගැනීමටත් චීනය දිරිමත් කරන බව ද හෙතෙම පැවසීය.
වෙළඳාම, ආයෝජන, විද්‍යා තාක්ෂණ සහ හරිත බලශක්ති සම්පත් යන ක්ෂේත්‍රවල චීනය සමග අන්‍යෝන්‍ය ජයග්‍රාහි සහයෝගීතාව පුළුල් කිරීමට ස්පාඤ්ඤය කැමැත්තෙන් සිටින බව හයවන Felipe රජු එහිදී සඳහන් කළේය. එමෙන්ම චීනය සමග බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමට ස්පාඤ්ඤය අපේක්ෂා කරන බවද ස්පාඤ්ඤ රජු පවසා ඇත.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති