8 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය එළඹෙන 5වැනිදා සිට 10 වැනිදා දක්වා චීනයේ ශංහයි නගරයේදී පැවැත්වීමට නියමිතයි.
චීන උප වාණිජ ඇමති Sheng Qiuping මහතා අද(28) චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මෙවර ප්‍රදර්ශනයේ සූදානම පිළිබඳව පැහැදිලි කළා.
ඔහු සඳහන් කළ පරිදි, මෙවර ප්‍රදර්ශනයට රටවල්, කලාප හා ජගත් සංවිධාන 155ක් පමණ එක් වනවා. එමෙන්ම ඒ සඳහා සහභාගී වන විදේශ ව්‍යවසායන් සංඛ්‍යාව 4108ක්. ප්‍රදර්ශනයේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග මීටර් හාරලක්ෂ තිස්දහස ඉක්මවන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මේ වන විට මෙවර ප්‍රදර්ශනයේ සියලු කටයුතු සූදානම් කර අවසන් බව ඔහු ප්‍රකාශ කළා. චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය, ලොව පුරා රටවලට චීනයේ ඉහළ මට්ටමේ විවෘතභාවය සමීපව අවබෝධ කර ගැනීමට ඉඩ සලසන බව Sheng Qiuping මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි