චීනය මේ වසරේ සිය 14 වන පස් අවුරුදු සැලැස්ම අවසන් කිරීමට නියමිත අතර එළඹෙන වසරේදී එරට 15 වන පස් අවුරුදු සැලැස්ම ඉදිරිපත් කිරීමට සූදානමින් සිටිනවා. මේ සම්බන්ධ විශේෂ සැසිවාරයක් බෙයිජිං නුවරදී අද(23) අවසන් වුණා. ඒ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසිවාරයයි.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සැසිවාරය අවසන් කරමින් එහි ප්‍රකාශනය ද අද නිකුත් කෙරුණා. එයට අනුව ෂී ජින්පිං මහතා දේශපාලන කාර්යාංශය වෙනුවෙන් කාර්ය වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. “ජාතික ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා 15 වන පස් අවුරුදු සැලැස්ම(2026-2030) සම්පාදනය කිරීම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යෝජනාව” එහිදී සමාලෝචනය කර සම්මත කර තිබෙනවා.
15 වන පස් අවුරුදු සැලසුම් කාලය, එරට සමාජවාදී නවීකරණය මූලික වශයෙන් සාක්ෂාත් කර ගැනීමේදී තීරණාත්මක කාල පරිච්ඡේදයක් ලෙසයි චීනය සලකන්නේ. එහිදී සිය අතීත වටිනාකම් උරුම කර ගෙන අනාගතයට ප්‍රවේශ වීම චීනයේ අපේක්ෂාවයි.
එම කාලය තුළ ආර්ථික හා සමාජීය සංවර්ධනය වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් ජනතාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් උසස් තත්ත්වයේ සංවර්ධනයක් ක්‍රියාත්මක කිරීමට චීනය සැලසුම් කර තිබෙනවා.
15 වන පස් අවුරුදු සැලසුම් කාලය තුළ විද්‍යා හා තාක්ෂණ හැකියාව ඉහළ නංවාලමින්, ප්‍රතිසංස්කරණ තවදුරටත් ශක්තිමත් කරමින් ‘සුන්දර චීනයක්’ ගොඩනැගීම සහ ජාතික ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම ද ප්‍රමුඛ අරමුණක් බවයි චීනය පවසන්නේ.
එමෙන්ම 2035 වන විට චීනයේ ආර්ථික ශක්තිය, විද්‍යාත්මක හා තාක්‍ෂණික ශක්තිය, ජාතික ආරක්ෂක ශක්තිය සහ ජාත්‍යන්තර බලපෑම කැපී පෙනෙන ඉහළයාමක් පෙන්නුම් කරනු ඇතැයි ද බලාපොරොත්තු වනවා. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මධ්‍යම සංවර්ධිත රටවල මට්ටමට ගෙන ඒමටත් ජනතාවගේ ජීවන තත්ත්වය වඩාත් සුවපහසු කරමින් සමාජවාදී නවීකරණය මූලික වශයෙන් සාක්ෂාත් කර ගැනීමටත් අපේක්ෂා කරන බව මෙම පූර්ණ සැසිවාරයේදී ප්‍රකාශ කෙරුණා
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි