“කාන්තාවන් හා දරුවන් සහ කාන්තා සංගමයේ කටයුතු පිළිබඳ ෂී ජින්පිං මහතාගේ ප්රකාශනවල උපුටා ගැනීම්” මෙන්ම “පවුල් අධ්‍යාපනය සහ පවුල් සම්ප්‍රදායට අවධානය යොමු කිරීම පිළිබඳ ෂී ජින්පිං මහතාගේ ප්රකාශනවල උපුටා ගැනීම්” යන ග්රන්ථ රුසියානු, ප්‍රංශ, ස්පාඤ්ඤ සහ අරාබි භාෂාවලින් ප්‍රකාශයට පත් කෙරේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ “පක්ෂ ඉතිහාසය හා ලිපිලේඛන අධ්‍යයන ආයතනය” විසින් සංස්කරණය හා පරිවර්තනය කිරීමෙන් අනතුරුව “මධ්‍යම කාරක සභාවේ සංස්කරණ හා පරිවර්තන ප්‍රකාශන ආයතනය” හරහා එම ග්රන්ථ දෙක ප්‍රකාශයට පත් කර බෙදා හැරීම සිදු කෙරේ.
එම ග්රන්ථ ද්විත්වයට, කාන්තාවන් හා දරුවන් හා කාන්තා සංගමයේ කාර්යය, මෙන්ම පවුල් අධ්‍යාපනය සහ පවුල් සම්ප්රදාය ගොඩනැගීමේ වැදගත්කම පිළිබඳව ජනාධිපති ෂී ජින්පිං මහතාගේ වැදගත් ප්‍රකාශන මාලාවක් ඇතුළත් වේ.
ගෝලීය කාන්තා සමුළුව ආසන්නයේ දී, එම ග්රන්ථ ද්විත්වය ප්‍රකාශයට පත් කිරීම,ගෝලීය ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන්ගේ පූර්ණ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම තුළ චීනය සතු ප්‍රඥාව,යෝජනා සහ සැලසුම් පිළිබඳ පුළුල් අවබෝධයක් විදේශීය පාඨකයන්ට ලබා ගැනීමට උපකාරී වනු ඇත. ගෝලීය කාන්තාවන්ගේ සංවර්ධන ව්‍යායාමය ප්‍රවර්ධනය සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ඒකාබද්ධව ගොඩනැගීම සඳහා එය ඉතා වැදගත් වේ.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි