November 9, 2026

මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය: චීනයට ආවේණික පාලන ක්‍රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම

චීන කොමියුනිස්ට් පක්ෂයේ මූලික සංවිධානාත්මක මූලධර්මය සහ නායකත්ව පද්ධතිය ලෙස, මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදයෙන් චීනයට ආවේණික පාලන ක්‍රමයේ විශේෂත්වය පෙන්නුම් කෙරේ.

එනම්, තීරණ ගැනීමට පෙර සියලු පාර්ශ්වයන්ගේ අදහස්වලට සවන් දෙමින් සාකච්ඡා කිරීමත්, තීරණ ගත් පසු එය සාමූහිකව ක්‍රියාත්මක කිරීමත්ය. චීනයේ  ‘15 වන පස්අවුරුදු සැලැස්ම සම්පාදනය කිරීමේ යෝජනාව’ සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය ඊට කදිම නිදසුනකි.

එම කෙටුම්පත් සකස් කිරීමේදී, පක්ෂ සාමාජිකයන්ගේ සිට පක්ෂ සාමාජිකයන් නොවන පිරිස දක්වා, විශේෂඥයින් සහ විද්වතුන්ගේ සිට බිම් මට්ටමේ ජනතාව දක්වා අදහස් විමසීම පුළුල් කර ඇත. එමෙන්ම විවිධ මට්ටමේ සාකච්ඡාවල සිට මාර්ගගත ක්‍රම ඔස්සේ ද චීන කොමියුනිස්ට් පක්ෂය පුළුල් ලෙස අදහස් එක් රැස් කර ඇත. ඉන් පසුව, විවිධ අදහස් මත පදනම් ව සකස් කළ කෙටුම්පත් සාමූහික සාකච්ඡා සහ අනුමැතිය සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පූර්ණ සැසියට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව චීන රාජ්‍ය මණ්ඩලය සැලැස්මක් සකස් කර එය සමාලෝචනය සඳහා චීන ජාතික මහජන කොංග්‍රසයට ඉදිරිපත් කරයි.  චීන ජාතික මහජන කොංග්‍රසය එය සම්මත කිරීමෙන් පසුව, එය ක්‍රියාත්මක කෙරේ.

ලොව පුරා බලන විට ඇතැම් බටහිර රටවල පාලන ක්‍රමවේද “ප්‍රජාතන්ත්‍රවාදී” ස්වරූපයක් පෙන්නුම් කළ ද, දේශපාලන පක්ෂ තරගකාරීත්වය සහ පරිපාලනයේ නිතර වෙනස්කම් හේතුවෙන් රටේ වැදගත් ගැටලු විසඳීම සහ ප්‍රධාන උපායමාර්ගික සැලසුම් ක්‍රියාත්මක කිරීම බොහෝ විට අකර්මන්‍ය වී ඇත. තවමත් සම්පූර්ණයෙන් ඉදිකිරීම් අවසන් කිරීමට නොහැකි වූ ඇමරිකාවේ කැලිෆෝනියා අධිවේගී දුම්රිය ව්‍යාපෘතිය ඊට පැහැදිලි නිදසුනකි. ඊට වෙනස්ව, චීනයේ අධිවේගී දුම්රිය ජාලය රජයේ වෙනස්කම් හමුවේ කිසිදු බලපෑමට ලක් නොවී ලොව විශාලතම අධිවේගී දුම්රිය ජාලයට වර්ධනය වී ඇත. මිලියන සිය ගණනක් ජනතාවට ඉන් ප්‍රතිලාභ  හිමිව  තිබේ.

ජනතාවට සහ රටට වෙනුවෙන් සැබෑ ප්‍රතිලාභ ලබා දෙමින්, දිගුකාලීන සමාජ ස්ථාවරත්වය සහ ආරක්ෂාව තහවුරු කළ හැකි පාලන ක්‍රමවේදයක් සැබවින්ම යහපත් පාලන ක්‍රමයක් බව සනාථ කළ හැක්කේ ප්‍රායෝගික අත්දැකීම් තුළින්මය.

About The Author