November 9, 2026

චීන වෙරළාරක්ෂක බලකාය තායිවාන දූපතට නැගෙනහිරින් නීත්‍යනුකූල මුර සංචාර පවත්වයි

චීන වෙරළාරක්ෂක බලකාය, චීනයේ තායිවාන දූපතට නැගෙනහිරින් ඇති සාගර ප්‍රදේශයේ ඊයේ (31) නීතියට අනුව සාමාන්‍ය මුර සංචාර සිදු කළ බව එහි ප්‍රකාශකයෙකු වන Jiang Lue මහතා සඳහන් කළේය.

ඔක්තෝබර් මාසයේ සිට, චීන වෙරළාරක්ෂක බලකායට අයත් Hushijian නෞකා කණ්ඩායම අදාළ සාගර කලාපයේ පාලනය අඛණ්ඩව ශක්තිමත් කරමින් සිටී. එමගින් සාමාන්‍ය නාවික කටයුතු සහතික කෙරෙන අතර තායිවාන ස්වදේශිකයින් ඇතුළු චීන ජනතාවගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් මෙන්ම ජීවිත සහ දේපළ ආරක්ෂා කර ඇති බව Jiang Lue මහතා පැවසීය.

චීන වෙරළාරක්ෂක බලකාය, සිය අධිකරණ පරාසය තුළ සාගර සීමාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ මුර සංචාර ශක්තිමත් කරන අතර භෞමික ස්වෛරීභාවය සහ සමුද්‍රීය අයිතිවාසිකම් දැඩි ලෙස ආරක්ෂා කරන බව ද ඔහු පැවසීය.

About The Author