චීනයේ Wuhan නගරයේ අංක 12 දරන උමං දුම්රිය මාර්ගය අද(29) සිට සම්පූර්ණයෙන්ම විවෘත කෙරේ. එහි සමස්ත දුර කිලෝමීටර් 59.9කි. චීන නාගරික දුම්රිය මාර්ග ප්‍රවාහන සංගමයට අනුව, එම උමං දුම්රිය මාර්ගය මේ වන විට චීනයේ දීර්ඝතම වටරවුම් උමං දුම්රිය මාර්ගයයි. එහි භූගත දුම්රිය ස්ථාන 37ක් ඉදිකර ඇති අතර එම මාර්ගය මගින් Wuhan නගරයේ ප්‍රධාන නාගරික දිස්ත්‍රික්ක7ක් සම්බන්ධ කර ඇත. එමෙන්ම Wuhan නගරයට අයත් Hankou හා Wuchang යන ප්‍රධාන දුම්රිය මධ්‍යස්ථාන දෙක එමගින් සම්බන්ධ කෙරෙන අතර එය දැනට පවතින හා සැලසුම් කළ උමං දුම්රිය මාර්ග 18ක් අතර හුවමාරු පහසුකම් සඳහා අවකාශය සලසා දෙයි. එහි මුළු ගමන් කාලය විනාඩි 96ක් පමණ වේ.
චීනයේ ප්‍රධාන ගඟ වන යැංසි ගංගාව හා Hanjiang ගංගාව හේතුවෙන් මතුව තිබූ ස්වාභාවික ගමනාගමන බාධාව ද මෙම උමං දුම්රිය මාර්ගය විවෘත කිරීමෙන් පසු තරමක් පහව යනු ඇති බව අපේක්ෂා කෙරේ. එමෙන්ම යැංසි ගංගා ආර්ථීක තීරයේ ප්‍රධාන නගරවල ඒකාබද්ධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීම් කටයුතුවලට ද මෙය ප්‍රබල අනුබලයක් වනු ඇත.
More Stories
චීන – ඇමරිකා රාජ්‍ය නායක හමුව වෙනුවෙන් දෙපාර්ශ්වය අතර සන්නිවේදනය අඛණ්ඩව
ජපන් ආක්රමණිකයන්ගේ අපරාධ හෙළි කෙරෙන “5”වාර්තා වැඩසටහන රටවල් රැසක විකාශය කෙරේ
වාර්තා පිට වාර්තා තැබූ 9වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සාර්ථකව අවසන්