චීන ස්වභාවික සම්පත් අමාත්‍යාංශය ඊයේ (28) මෙම වසරේ මුල් කාර්තු තුනට අදාළ සමුද්‍රීය ආර්ථික දත්ත නිකුත් කළේය.
එම කාලය තුළ චීනයේ සමුද්‍රීය දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 8.5 දක්වා ළඟා වූ බව අදාළ දත්තයන්ට අනුව දැක්වේ. එය පසුගිය වසරේ කාලසීමාවට වඩා 4.9%ක වැඩිවීමකි. එහි වර්ධන වේගය චීනයේ දළ දේශීය නිෂ්පාදිත වර්ධන වේගයට වඩා 0.3% කින් ඉහළ ගොස් තිබේ.
වසරේ මුල් කාර්තු තුන තුළ, චීනයේ සමුද්‍රීය ආර්ථිකය සමස්ත ස්ථාවරත්වය පවත්වා ගෙන යමින්, නවෝත්පාදනය සහ වැඩිදියුණු කිරීම කෙරෙහි නැඹුරුවක් දැක්වූ අතර, එහි ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පෙන්නුම් කෙරෙන බව චීන ස්වභාවික සම්පත් අමාත්‍යාංශය පවසා ඇත.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්