November 10, 2026

උතුරු මියන්මාරයේ ටෙලිකොම් අපරාධ මර්දනය කිරීම පිළිබඳ වාර්තා වැඩසටහන විකාශනය කෙරේ

“උතුරු මියන්මාරයේ ටෙලිකොම් අපරාධ කණ්ඩායම් විනාශ කිරීමේ වාර්තා වැඩසටහන ” ඊයේ(5) සිට 07 වැනිදා දක්වා චීන මාධ්‍ය සමූහයේ රූපවාහිනි නාලිකා ඔස්සේ විකාශනය කෙරේ. චීන මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ චීන මාධ්‍ය සමූහය එක්ව නිෂ්පාදනය කළ එම වාර්තා වැඩසටහන කොටස් තුනකින් සමන්විතය.

චීන ජනතාවගේ ජීවිත හා දේපළවල ආරක්ෂාවට හානි සිදු කිරීම් සම්බන්ධයෙන් උතුරු මියන්මාරයේ ටෙලිකොම් අපරාධ මර්දනය කිරීම වෙනුවෙන් චීනය ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම් මෙන්ම “ප්‍රධාන පවුල් හතර” ඇතුළු ටෙලිකොම් අපරාධ කණ්ඩායම් මුලිනුපුටා දැමීමේ දුෂ්කර ක්‍රියාවලිය පිළිබඳව මෙම වාර්තා වැඩසටහනෙන් පෙන්නුම් කෙරේ.

උතුරු මියන්මාරයේ සමස්ත ටෙලිකොම් අපරාධ ජාලයේ යථාර්ථය පිළිබඳව එම වාර්තා වැඩසටහනේ පළමු     කථාංගයෙන් හෙළිදරව් කර ඇත. දේශසීමා බාධක බිඳ දමා චීනයේ නීතිමය අංශ අපරාධකරුවන් හඹා ගිය ආකාරය පිළිබඳ පසුබිම් කතාව දෙවැනි කොටසෙන් නිරූපනය කෙරේ. එමෙන්ම එහි තෙවන කථාංගයෙන් අන්තර් දේශසීමා ටෙලිකොම් අපරාධ හා වංචා විරෝධී පුළුල් පාලනයේ නව ව්‍යුහයක් ආරම්භ කර අන්තර් දේශසීමා අපරාධ මර්දනය අඛණ්ඩව තහවුරු කිරීම අවධාරණය කර ඇත. 

ටෙලිකොම් අපරාධ හා වංචාවන් මර්දනය කිරීම සඳහා චීන රජය විසින් ආරම්භ කරන ලද ජාත්‍යන්තර සන්ධානයට රටවල් 46ක් එක්ව තිබේ. මහා රටක් ලෙස සිය වගකීම් ඉටු කරමින් චීනය, එම සන්ධානය හරහා ජාත්‍යන්තර නීති බලාත්මක කිරීමට සහාය වී ඇත. එමගින් ටෙලිකොම් අපරාධවලට එරෙහි මර්දන ජාලයක් ස්ථාපිත කර ඇති අතර අන්තර් දේශසීමා ටෙලිකොම් අපරාධ මූලාශ්‍ර තුරන් කර ඇතැයි ද එම රූපවාහිනී වාර්තා වැඩසටහනෙන් පෙන්නුම් කෙරේ.

About The Author