November 10, 2026

කාබන්ඩයොක්සයිඩ් භූගත කර ගෑස් නිෂ්පාදනය වැඩිකිරීම සඳහා ඉදිකළ චීනයේ පළමු ව්‍යාපෘතිය සාර්ථකව අවසන්

වෙරළට ඔබ්බෙන් මුහුදේ පිහිටි ඩොන්ග්ෆැන්ග් 1-1 ගෑස් නිධිය, ආශ්‍රිතව කාබන්ඩයොක්සයිඩ් භූගත කර ස්වාභාවික ගෑස් නිෂ්පාදනය වැඩිකිරීම සඳහා ආරම්භ කළ ව්‍යාපෘතියේ, ප්‍රධාන වේදිකාවේ ඉදිකිරීම් පසුගියදා අවසන් කෙරිණ. ඒ අනුව මේ වන විට පද්ධති පරීක්ෂා කිරීමේ අදියර ආරම්භ කර ඇත.

මෙම ව්‍යාපෘතිය ආරම්භ වූ පසු වාර්ෂිකව මුහුදු පත්ලේ කාබන්ඩයොක්සයිඩ් ටොන් මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් ගබඩා කිරීමට හැකි වනු ඇත. එය චීනයේ සමුද්‍රීය බලශක්ති කර්මාන්තයේ මහා පරිමාණ මෙන්ම කාබන් විමෝචනය අවම කිරීම සඳහා වැදගත් දායකත්වයක් ලබා දෙන ව්‍යාපෘතියකි.

About The Author