November 10, 2026

ගෝලීය සංවර්ධන මුලපිරීම ඉදිරිපත් කිරීමේ 5වන සංවත්සරය වෙනුවෙන් විශේෂ සංවාදයක් එළඹෙන 25වැනිදා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී

ගෝලීය සංවර්ධන මුලපිරීම ඉදිරිපත් කිරීමේ 5වන සංවත්සරය වෙනුවෙන් සැප්තැම්බර් 25 වන දින නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී චීනය ඉහළ මට්ටමේ සංවාදයක් පැවැත්වීමට නියමිතය.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද(21) පැවති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කරමින් පැවසුවේ, මීට වසර පහකට පෙර අද වැනි දිනක, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයේදී ගෝලීය සංවර්ධන මුලපිරීම යෝජනා කර ඇති බවය. ගෙවී ගිය වසර පහ තුළ, ෂී ජින්පිං මහතාගේ පුද්ගලික අවධානය සහ සියලු පාර්ශ්වයන්ගේ ඒකාබද්ධ උත්සාහයන් සමග, ගෝලීය සංවර්ධන මුලපිරීම ක්‍රියාත්මක කිරීමෙන් ඵලදායී ප්‍රතිඵල ලබා දී ඇතැයි චීන ප්‍රකාශකයා පැවසීය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිවාරය හෙට(22) එහි මහා සභාව ආරම්භ කරයි. මෙම කාල පරිච්ඡේදය තුළ, ගෝලීය සංවර්ධන මුලපිරීම ඉදිරිපත් කිරීමේ 5 වන සංවත්සරය වෙනුවෙන් සැප්තැම්බර් 25 වනදා නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී චීනය ඉහළ මට්ටමේ සංවාදයක් පවත්වනු ඇතැයි Guo Jiakun මහතා ප්‍රකාශ කළේ ය.

චීනය එහිදී සියලුම සාමාජික රටවල් සමග, පසුගිය වසර පහ තුළ ගෝලීය සංවර්ධන මුලපිරීමේ ජයග්‍රහණ සහ වටිනා අත්දැකීම් සමාලෝචනය කිරීමට සහ සාරාංශ කිරීමට කැමැත්තෙන් සිටී. එසේම සියලු රටවල් සමග, සංවර්ධන අවස්ථා බෙදා ගනිමින්, සංවර්ධන සහයෝගීතාව පිළිබඳ එක්ව සාකච්ඡා කරමින්, එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට සූදානම් ව සිටී. එමෙන්ම පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට ද චීනය කැමැත්තෙන් සිටින බව චීන ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

About The Author