November 10, 2026

මෝටර් රථ නිෂ්පාදනයෙන් ලොව ප්‍රබල රටක් වීමේ චීන සැලසුම් එළි දක්වයි

‘බුද්ධිමත් ජාලකරණ තාක්ෂණයෙන් බලගැන්වුණු නව බලශක්ති මෝටර් රථ කර්මාන්තයේ සංවර්ධනය සඳහා වූ 15 වන පස් අවුරුදු සැලැස්ම’’ චීනය ඉදිරිපත් කරයි. චීනයේ කාර්මික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් අද (11) එය නිකුත් කරනු ලැබීය.

එම සැලැස්මට අනුව, වසර 2030 වන විට, බුද්ධිමත් ජාලකරණ තාක්ෂණයෙන් බලගැන්වුණු නව බලශක්ති මෝටර් රථ නිෂ්පාදනයේ පූර්ණ කාර්මික දාමයේ ප්‍රතිලාභ තවදුරටත් ඵලදායී කරමින් මෝටර් රථ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ චීනය, ලොව ප්‍රබලතම රාජ්‍යයක් ලෙසින් පෙළ ගැස්වීමට පියවර ගනු ඇත.

එමෙන්ම, එම ක්ෂේත්‍රයට අදාළ කේන්ද්‍රීය තාක්ෂණික ක්‍රමවේදයන් ඉහළ නංවමින් නාගරික සහ සෙසු අධිවේගී මාර්ග හා ඇතැම් නාගරික මංතීරු ආශ්‍රිත ස්වයංක්‍රීය ධාවන කටයුතු සැලකිය යුතු අයුරින් සිදු කිරීමට ද මෙම සැලසුම් හරහා ‍අපේක්ෂා කෙරේ. තවද, චීන රථ‍වාහන ව්‍යවසායයන් හා චීන මෝටර් රථ සන්නාම, ජාත්‍යන්තර වශයෙන් ඉහළ තලයකට ඔසවා තැබීමට අදාළ සැලසුම් තුළින් හැකි වෙතැයි ද විශ්වාස කෙරේ.

About The Author