චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ ගුවන් යානයකින් අද(12) දහවල් කාලයේ නව දිල්ලි නුවරට ළඟා විය.
ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවට අනුව, ඔහු බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18වැනි සමුළුවට එක්වීමට නියමිතය
නවදිල්ලියේ Palam ගුවන් හමුදා කඳවුරට පැමිණි ඔහු, ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. ඔහුව පිළිගැනීම සඳහා ඉන්දියාවේ චීන තානාපති Xu Feihong මහතා ද එක් විය.
චීන ජනාධිපතිවරයා මෝටර් රථයෙන් ගුවන් තොටුපළේ සිට නවාතැන් ගන්නා හෝටලය වෙත ගමන් කරන අතරතුර, ඉන්දියාවේ සිටින චීන ජාතිකයින් සහ චීන ආයෝජන සහිත ව්‍යාපාරවල නියෝජිතවරුන් මාර්ග දෙපස සිට චීනයේ සහ ඉන්දියාවේ ජාතික කොඩි වනමින් ෂී ජින්පිං ජනාධිපතිවරයා වෙත උණුසුම් පිළිගැනීමක් ලබා දී ඇත.
චීන ජනපති වෙත ඉන්දියාවේදී උණුසුම් පිළිගැනීමක්
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම