එළඹෙන 42වන ගුරු දිනය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරමින් රට පුරා සිටින ගුරුවරුන් හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවකයින් වෙත සුබ පැතුම් පිරිනමා ඇත.
රට පුරා සිටින ගුරුවරුන් දිගු කාලයක් කැපවීමෙන් යුතුව පක්ෂයේ අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ඇති අතර, සිය උද්‍යෝගී ඉගැන්වීම් ඔස්සේ පක්ෂයේ සහ රටේ සංවර්ධනය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දී ඇතැයි ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවිඩයෙන් පෙන්වා දෙයි.
නව ගමනේදී, පක්ෂය සහ රට වෙනුවෙන් දක්ෂතා සහිත පුද්ගලයන් බිහි කිරීමේ තම මූලික මෙහෙවර ගුරුවරුන් විසින් මනාව සිහි තබා ගනු ඇතැයි ද, අධ්‍යාපනය තුළින් ගුණධර්ම වර්ධනය කිරීමේ මූලික කාර්යය ඉටු කරනු ඇතැයි ද අපේක්ෂා කරයි. එමෙන්ම අධ්‍යාපනවේදීන් සතු උතුම් ආකල්ප හා චරිත ලක්ෂණ දැඩි ලෙස ආරක්ෂා කර ගනිමින් උසස් වෘත්තීය ආචාරධර්ම හා හැසිරීම් රටා වර්ධනය කර ගනු ඇතැයි ද බලාපොරොත්තු වේ. එමෙන්ම, තම වෘත්තීය නිපුණතාව ඉහළ නංවා ගනිමින්, ජාතික පුනර්ජීවනයේ දැවැන්ත වගකීම භාර ගැනීමට හැකි නව පරම්පරාවක් බිහි කිරීමට ගුරු සේවය තුළදී කැපවිය යුතු බව ද ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.
විවිධ මට්ටමේ පක්ෂ කමිටු සහ රජයන්, ගුරුවරුන්ගේ වෘත්තීය හැකියාව ශක්තිමත් කිරීමට ඉහළ ප්‍රමුඛතාවක් ලබා දිය යුතු ය. එසේම සමාජය තුළ ගුරුවරුන්ට ගරු කිරීමේ සහ අධ්‍යාපනය අගය කිරීමේ පරිසරයක් ගොඩනගමින්, අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් රට බලගැන්වීමට අවශ්‍ය සාමූහික ශක්තිය එක්රැස් කිරීමට කටයුතු කළ යුතු බව ද ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කර ඇත.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්