පසුගියදා බ්‍රිතාන්‍යයේ The Economist සඟරාවෙහි චීනයේ “Once Upon A Time in the Middle East” නම් චිත්‍රපටය සම්බන්ධයෙන් පළ වූ විචාර ලිපියක චීන රාජ්‍යතාන්ත්‍රිකභාවය“Dragon Restaurant රාජ්‍යතාන්ත්‍රිකභාවය”යනුවෙන් හඳුන්වා දී තිබේ. එම චීන චිත්‍රපටයෙන් ඉස්මතු වූ “හොඳින් ආහාර ගන්න”හා “දරුවන් හොඳින් හදා වඩා ගන්න”වැනි සරල මතයන් උපුටා දක්වමින් එම විචාර ලිපියෙන් පෙන්වා දෙන්නේ වාණිජමය ලාභයන් මත පමණක් පදනම් වීම සහ මතවාදී පෘථුලත්වයක් නොමැති වීම චීන විදේශ සම්බන්ධතාවන්හි ස්වභාවය බවයි.
එහෙත් මෙම අදහස් තුළින් එම චිත්‍රපටය හා චීන රාජ්‍යතාන්ත්‍රිකභාවයේ යථා ස්වරූපය හෙළි නොකරන බව කිව යුතුය.
දිගුකලක් දිළිඳුකමෙන් පෙලුණු හා ස්වෝත්සාහයෙන් ලොව දෙවන විශාලතම ආර්ථිකය හිමි රට බවට පත් වූ රාජ්‍යයක් වශයෙන් චීනය ආර්ථික සංවර්ධනයට දැඩි අවධානයක් යොමු කිරීම පුදුමයක් නොවේ. නොදියුණු තත්ත්වයේ සිට දියුණු සංවර්ධන මාවතට පිවිසුණු ක්‍රියාවලියේදී ජගත් සම්බන්ධතා පිළිබඳව චීනය සුවිශේෂ අවබෝධයක් ලබාගෙන ඇත. එම අවබෝධයට අනුව , සංවර්ධනය පෙන්නුම් කෙරෙන්නේ හුදෙක් ආර්ථික දර්ශකවලින් නොවේ. සංවර්ධනය යනු සමාජ ස්ථාවරත්වය, ජනතාවගේ ආත්ම ගෞරවය හා ජාතික ස්වාධීනත්වය යන කරුණු සඳහා වන වැදගත් අඩිතාලමකි.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්