November 10, 2026

‘26 වැනිදා නේපාලයේ සිදු වූ නායයෑමේ ව්‍යසන’තත්ත්වයෙන් බලපෑමට ලක්වූ චීනයේ Gyirong ප්‍රදේශයෙහි මුදාගැනීමේ මෙහෙයුම් පිළිබඳ දැනුවත් කිරීමක්

’26 වැනිදා නේපාලයේ සිදු වූ නායයෑමේ ව්‍යසන’තත්ත්වයෙන් බලපෑමට ලක්වූ චීනයේ Xizang ස්වායත්තයේ Gyirong ප්‍රදේශයේ ඇති වූ නායයෑමේ තත්ත්වය පිළිබඳ මාධ්‍ය හමුවක් ඊයේ(30) Gyirong ප්‍රදේශයේ පැවැත්විණ.

ඉකුත් 26වැනිදා උදෑසන, චීනය සහ නේපාලය අතර දේශසීමා කලාපයේ නේපාල සීමාවේ සිදු වූ දරුණු නායයෑම හේතුවෙන්, චීනයේ Xizang ස්වායත්තයේ Shigatse නගරයේ Gyirong කෝරළයේ Gyirong වරාය ප්‍රදේශයේ පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර පුද්ගලයින් රැසක් අතුරුදන් වූහ. 29වැනිදා සවස 6.00 වන විට මියගිය සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් පුද්ගලයන් 546 දෙනෙකු අතුරුදන්ව සිටින බව එම මාධ්‍ය හමුවේදී හෙළි විය.

ව්‍යසනයෙන් පසුව, Xizang ස්වායත්තය ස්වාභාවික විපත් සඳහා ඉහළම මට්ටමේ හදිසි ප්‍රතිචාරය ඉක්මන් ක්‍රියාත්මක කර ඇති බව එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරිණ. ඒ සඳහා චීන මුදල් අමාත්‍යාංශය සහ හදිසි කළමනාකරණ අමාත්‍යාංශය යුවාන් මිලියන 120ක් වහාම වෙන් කළ අතර ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම ආපදා සහන සහ පශ්චාත් ආපදා හදිසි ප්‍රතිසාධන කටයුතු සඳහා යුවාන් මිලියන 100ක් වෙන් කර තිබේ. මේ වන විට, මහජන විමුක්ති හමුදාව, සන්නද්ධ පොලීසිය සහ චීන ගිනි නිවන සහ ගලවා ගැනීමේ කණ්ඩායම ඇතුළු විවිධ ගලවා ගැනීමේ බලකායන් 2141ක් බලමුලු ගන්වා ඇත. මේ අතර, සෙවීමේ හා ගලවා ගැනීමේ කටයුතු සිදු කිරීම සඳහා ගලවා ගැනීමේ වාහන 269ක් සහ උපකරණ කට්ටල 3922ක් ව්‍යසනයට ලක් වූ ප්‍රදේශවලට යවා තිබේ.

About The Author