2026 APEC සමුළුවේ සත්කාරකත්වය දරන චීනය, Liaoning පළාතේ Dalian නගරයේදී තුන්වන APEC ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම සහ ඒ ආශ්රිත රැස්වීම් පැවැත්වීය. අගෝස්තු මස 17වැනිදා සිට 28වැනිදා දක්වා පැවති එම රැස්වීම් සඳහා සහභාගී වූ නියෝජිතයින් වෙළඳාම, ප්‍රවාහනය, විද්‍යාව හා තාක්ෂණය සහ බලශක්තිය වැනි මාතෘකා පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කර තිබේ.
මෙම වසරේ පෙබරවාරි සහ මැයි මාසවලදී, APEC ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම් සහ අදාළ රැස්වීම් පිළිවෙලින් චීනයේ Guangzhou සහ Shanghai හි සාර්ථකව පවත්වන ලදී. තුන්වන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම සහ ඒ ආශ්රිත රැස්වීම් පැවැත්වීම මගින් චීනයේ විවිධ කලාපවල සුවිශේෂ සංවර්ධන ලක්ෂණ නැවත වරක් ලොවට ප්‍රදර්ශනය කෙරේ.
APEC “චීන වර්ෂය” සනිටුහන් කරන වැඩටසහන් මාලාව, නොවැම්බර් මාසයේ Shenzhen නගරයේ පැවැත්වීමට නියමිත APEC නායකයින්ගේ නිල නොවන රැස්වීම සඳහා ශක්තිමත් අඩිතාලමක් දමා ඇත.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම