November 10, 2026

චීනය කිර්ගිස්තානයේ සහ වියට්නාමයේ පුරවැසියන්ට නිදහස් වීසා ලබා දෙයි

චීනය කිර්ගිස්තානයේ සහ වියට්නාමයේ පුරවැසියන්ට නිදහස් වීසා ලබා දෙයි. ඊයේ(20) සිට එම රටවල් දෙ‍කේ පුරවැසියන් වෙනුවෙන් පැය 240ක වීසා රහිත සංක්‍රමණ ප්‍රතිපත්තිය අනුගමනය කරන බව චීන ජාතික ආගමන මහා පරිපාලනය ප්‍රකාශ කර ඇත. එසේම එම රටවල් ‍දෙකේ පුරවැසියන්ට දකුණු චීනයේ හයි නැන් පළාතෙහි දින 30ක වීසා රහිත ප්‍රවේශයක් ද සැලසේ.

මේ වන විට චීනය පැය 240ක වීසා රහිත සංක්‍රමණ ප්‍රතිපත්තිය මගින් ආවරණය වන රටවල් සංඛ්‍යාව 57 දක්වා වැඩි වී තිබේ. එසේම දකුණු චීනයේ හයි නැන් පළාත සඳහා දින 30ක වීසා රහිත ප්‍රවේශ ප්‍රතිපත්තිය මගින් ආවරණය වන රටවල් සංඛ්‍යාව 61 දක්වා වර්ධනය වී ඇත.

කිර්ගිස්තානයේ සහ වියට්නාමයේ පුරවැසියන්ට මෙම නිදහස් වීසා ලබා දීම, චීනය ඉහළ මට්ටමින් සිය විවෘතභාවය ඉදිරියට ගෙන යාමේ ප්‍රායෝගික පියවරක් බව චීන ජාතික ආගමන මහා පරිපාලනය පවසයි.

About The Author