කැනඩාවේ හා ඕස්ට්‍රේලියාවේ යුද නෞකා තායිවාන සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම පිළිබඳ චීනයේ ස්ථාවරය පැහැදිලි කෙරේ.
කැනඩාවේ HMS Ville de Quebec ආරක්ෂක නෞකාව සහ ඕස්ට්‍රේලියානු HMAS Brisbane විනාශකාරී නෞකාව, ඊයේ(6) තායිවාන සමුද්‍ර සන්ධිය හරහා ප්‍රකෝපකාරී සහ හිරිහැර සිදු වන අයුරින් ගමන් කළ බව චීනයේ නැගෙනහිර බලකායේ ජ්‍යෙෂ්ඨ කර්නල් Shi Yi මහතා ප්‍රකාශ කරයි. චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර බලකාය සිය නාවික සහ ගුවන් හමුදා යොදවා එම නෞකාවල ගමනාගමනය මනාව අධීක්ෂණය කරමින් අදාළ තත්ත්වයට ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට කටයුතු කළේය. කැනඩාවේ සහ ඕස්ට්‍රේලියාවේ මෙවැනි ක්‍රියා, වැරදි සංඥාවක් ලබා දෙන අතර ආරක්ෂක අවදානම් වැඩි කරයි. සිය බලකාය සෑම විටම වඩාත් සෝදිසියෙන් සිටින අතර, ජාතික ස්වෛරීභාවය, ආරක්ෂාව සහ කලාපීය සාමය සහ ස්ථාවරත්වය අධිෂ්ඨානශීලීව ආරක්ෂා කරන බව ද Shi Yi මහතා ප්‍රකාශ කර ඇත.
More Stories
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ සිව්වන සැසිවාරය පිළිබඳ මාධ්‍ය හමුව මාර්තු 3වැනිදා පැවැත්වේ
මැද පෙරදිග ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව චීන-රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සාකාච්ඡාවක්
ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීම චීනය දැඩිව හෙළා දකී