ජපානය සිය ආක්‍රමණ ඉතිහාසය තරයේ සිහිතබා ගත යුතු බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා මේ බව කියාසිටියේ, ජපානය නිකුත් කළ 2026 – ආරක්ෂක ධවල පත්‍රිකාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ඊයේ(5) පිළිතුරු දෙමිනි.
එම ධවල පත්‍රිකාව මගින් ජපානය චීනයට එරෙහි පදනම් විරහිත චෝදනා එල්ල කළ අතර ‘චීන තර්ජනයක්’ ඇතැයි අසත්‍ය මත ප්‍රචාරය කරමින් සිටී. චීන තායිවාන කටයුතු සම්බන්ධයෙන් නුසුදුසු ප්‍රකාශ නිකුත් කිරීමට ද එමගින් කටයුතු කළ අතර එය චීන අභ්‍යන්තර කටයුතු වලට අයුතු ලෙස මැදිහත්වීමකි. ඒ සම්බන්ධයෙන් චීනය දැඩි අප්‍රසාදය පළ කරන බවත්, ඊට තරයේ විරෝධය දක්වන බවත් Lin Jian මහතා කියාසිටියේය.
ජපන් මිලිටරිවාදය ආසියාවට හා ලෝකයට දරුණු ව්‍යසන එල්ල කර තිබේ. ජපානයේ 2026 – ආරක්ෂක ධවල පත්‍රිකාව නිකුත් කිරීම කෙරෙහි ජගත් ප්‍රජාව ඉතා සුපරික්ෂාකාරී විය යුතු බව ද හෙතෙම තවදුරටත් අවධාරණය කළේය. ජපානය සිය මිලිටරිවාදී ආක්‍රමණ ඉතිහාසය තරයේ සිහිතබා ගත යුතු බවත්, සිය හමුදා බලය ව්‍යාප්ත කිරීම සඳහා නිදහසට කරුණු නොසොයන ලෙසත් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා කියා සිටියේය.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම