විදේශීය සංචාරකයින් චීනයේ විවිධ නගර වෙත සංචාරය කිරීම, සමාජ මාධ්‍ය තුළ “චීන සංචාරක” ප්‍රවණතාවය වේගයෙන් ජනප්‍රිය වීම සහ චීනයේ සිසිලන නිෂ්පාදිත සඳහා පවතින විදේශ ඉල්ලුම ඉහළ යාම මෙවර ගිම්හානයේදී චීනය වෙත ගෝලීය අවධානය ලැබීමට හේතු වී තිබේ. CGTN ආයතනය සිදු කළ ගෝලීය මත විමසුමකට අනුව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 86.1ක් චීනයේ ගිම්හාන ආර්ථිකය දේශීය පරිභෝජනයට ශක්තියක් ලබා දී ඇති බව සඳහන් කළහ. එමෙන්ම චීනයේ විශාල වෙළඳපොළ ගෝලීය ආර්ථිකය සඳහා නවමු අවස්ථා ද නිර්මාණය කරන බව ඔවුන්ගේ අදහස විය.
මෙම වසර ආරම්භයේ සිටම චීනය වීසා රහිත ප්‍රවේශය අඛණ්ඩව පුළුල් කර ඇත. එමෙන්ම සංචාරය කර පිටත්ව යන සංචාරකයින් සඳහා තම බදු ආපසු ලබා ගැනීමේ සේවාවන් ද පහසු කර තිබේ. එය සියලු සංචාරකයින්ට වඩාත් පහසු සහ බාධාවකින් තොර සංචාරක සහ සාප්පු සවාරි අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව විවර කර ඇත. මෙම සමීක්ෂණයේදී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 74.1ක් මෙවර ගිම්හානයේදී චීනයේ සංචාරය සඳහා සිය කැමැත්ත පළ කළහ. චීනයේ මෙම සංචාර අවස්ථා මගින් සංවර්ධනයේ ප්‍රතිලාභ බෙදා ගැනීමටත්, චීනයේ ජයග්‍රහණ සියැසින් දැක බලා ගැනීමටත්, එමගින් අන් රටවලට වටිනා අත්දැකීම් ලබා ගැනීමටත් අවස්ථාව උදා වන බව ඔවුන්ගේ අදහසයි.
ඉහළ මට්ටමේ විවෘතභාවය පුළුල් කිරීමත් සමග විදේශීය සංචාරකයින් හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස චීනය හඳුනා ගෙන ඇති බව YouTube පරිශීලකයින්ගේ ද අදහස වී ඇත. මෙම සංචාරයේදී නවාතැන්, ආහාරපාන, ප්‍රවාහනය සහ සාප්පු සවාරි වැනි අංශවල නව අත්දැකීම් සහ විවිධාංගීකරණය වූ සහ විවෘත චීනයක් පිළිබඳ සෘජු අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ. එය සමස්ත ලෝකයට චීනය පිළිබඳ නිවැරදි මෙන්ම පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට ද ඉඩ සලසයි.
මෙම සමීක්ෂණය CGTN ආයතනය ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි, සහ රුසියානු භාෂාවලින් සිදු කර තිබේ. එහිදී පැය 24ක් ඇතුළත පුද්ගලයින් 4,524ක් පමණ සිය මතය පළ කර තිබීම විශේෂත්වයකි.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම