November 11, 2026

තීරුබදු අඩු කිරීමේ විධිවිධාන සම්බන්ධයෙන් චීන-ඇමරිකානු සාකච්ඡා 

තීරුබදු අඩු කිරීමේ විධිවිධාන සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අදහස් හුවමාරු කරමින් සිටින බවත්, එය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට වැඩි උත්සාහයක් ගනිමින් සිටින බවත්, චීන වාණිජ අමාත්‍යාංශයේ විදේශ ආයෝජන දෙපාර්තමේන්තු ප්‍රධානී Meng Huating මහත්මිය ඊයේ(23) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළාය. 

වර්තමානයේ චීන-ඇමරිකානු ආර්ථික වෙළඳ කණ්ඩායම්, වෙළඳ කවුන්සිලයේ ව්‍යුහය, කාර්යයන් සහ මෙහෙයුම් ආකෘතිය යනාදියට අදාළ විධිවිධාන සම්බන්ධයෙන් සමීප සංවාද පවත්වා ගෙන යමින් පවතී. ඇමරිකානු ඩොලර් බිලියන 30ක පමණ අන්‍යෝන්‍ය තීරුබදු අඩු කිරීමට අදාළ රාමුවක් ඉදිරියට ගෙන යාම පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කරමින් සිටින බව ද ඇය සඳහන් කළාය. 

එහිදී අදාළ තීරුබදු අඩු කිරීම සම්බන්ධයෙන් චීනය, දේශීය ව්‍යවසායන්, කර්මාන්ත සංගම්, ප්‍රාදේශීය රජයන්, ඇමරිකාව ආයෝජන කරනු ලබන ව්‍යවසායන් හා සංගම් යන ලාභ හා සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් පූර්ණ අදහස් විමසා බැලීම් ක්‍රියාත්මක කරන බව ඇය පැවසුවාය. එසේම ඇමරිකාව අදාළ විධිවිධාන කෙරෙහි ජන මත විමසීමට ද ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වේ. එමෙන්ම දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම තවදුරටත් පුළුල් කිරීම සඳහා දෙපාර්ශ්වයම සමීප සංවාද පවත්වා ගනිමින් අදාළ නිෂ්පාදන සඳහා වන තීරුබදු අඩු කිරීමේ විධිවිධාන නියම කරනු ඇත. එසේම එය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කරනු ඇතැයි ද චීන වාණිජ අමාත්‍යාංශයේ විදේශ ආයෝජන දෙපාර්තමේන්තු ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළාය.

About The Author