November 11, 2026

චීන විදේශ ඇමති පාකිස්ථාන නි‍යෝජ්‍ය අගමැති, විදේශ ඇමති හමුවෙයි

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා සහ පාකිස්ථාන නියෝජ්‍ය අගමැති, විදේශ අමාත්‍ය මොහොමඩ් ඉෂාක් ඩාර් මහතා (Mohammad Ishaq Dar) අතර හමුවක් ඊයේ(16) නැගෙනහිර චීනයේ ශැංහයි හිදී පැවැත්විණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන වං යී මහතා, අද(17) දින පැවැත්වෙන ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුවට සහභාගී වීමට සහ පාකිස්ථාන රජය වෙනුවෙන් ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගීතා සංවිධානය පිහිටුවීම පිළිබඳ ගිවිසුමක් අත්සන් කිරීමට චීනයට පැමිණ සිටින මොහොමඩ් ඉෂාක් ඩාර් මහතා පිළිගත්තේය.

එහි දී වං යී මහතා සඳහන් කළේ ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගීතා සංවිධානය පාකිස්ථානය‍ට සහ එහි ජනතාවගේ දිගුකාලීන අවශ්‍යතා සඳහා සේවය කරනු ඇති බවයි.

වගකීම් සහගත ප්‍රධාන රටක් ලෙස චීනය, ජාත්‍යන්තර එකඟතාවයක් ගොඩනැගීම, ප්‍රායෝගික සහයෝගීතාව ඉදිරියට ගෙන යාම සහ ධාරිතා වර්ධනය වැඩි දියුණු කිරීම අරමුණු කරගනිමින්, සමාන අදහස් ඇති රටවල් සමග එම සංවිධානය පිහිටුවීම ප්‍රවර්ධනය කරන බවත්, එමඟින් සියලුම රටවලට, විශේෂයෙන් ගෝලීය දකුණේ රටවලට, කෘත්‍රිම බුද්ධියේ සංවර්ධනයෙන් සමාන ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

About The Author