චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා හමු වෙයි. ඒ අද(16) පස්වරුවේ චීනයේ ශංහයි නගරයේ Xijiao රාජ්‍ය අමුත්තන්ගේ නිකේතනයේදීය. Tokayev මහතා 2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි පාලනය පිළිබඳ උසස් පෙළේ රැස්වීමට සහභාගී වීමට චීනයට පැමිණ සිටී.
ගෝලීය සියවසක සංකීර්ණ වෙනස්කම් හමුවේ චීන- කසක්ස්ථාන සම්බන්ධතාවය ශක්තිමත්ව හා ස්ථිරව පවතින බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.
චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105 වන සංවත්සරය පසුගියදා සැමරූ අතර කසක්ස්ථානය ද සිය පුළුල් ප්‍රතිසංස්කරණ ශක්තිමත් ව ප්‍රවර්ධනය කරමින් සිටී. චීන-කසක්ස්ථාන පුළුල් සහයෝගිතා ස්ථීරව ප්‍රවර්ධනය කිරීම දෙරටට මෙන්ම දෙරට ජනතාවගේ මූලික අවශ්‍යතාවන්ට අනුකූල වන බව හෙතෙම අවධාණරය කළේය. දෙපාර්ශ්වය වෙළඳාමේ නවෝත්පාදන සංවර්ධනය ප්‍රවර්ධනය කොට බලශක්ති සහ ඛනිජ සම්පත් ක්ෂේත්රයේ සහයෝගීතාව පුළුල් කොට ‘චීන-කසක්ස්ථාන සංස්කෘතික හුවමාරු වසර’ විධිමත් ව පැවැත්විය යුතුය. ගෝලීය මුලපිරුම් හතර ඒකාබද්ධව ක්‍රියාත්මක කොට එක්සත් ජාතීන්ගේ සංවිධානය, ශංහයි සහයෝගිතා සංවිධානය සහ චීන-මධ්‍යම ආසියානු යාන්ත්‍රණය වැනි බහුපාර්ශ්වික යාන්ත්‍රණ තුළ සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා කසක්ස්ථානය සමග කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවද ෂී ජින් පිං මහතා වැඩිදුරටත් කියා සිටියේය.

2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සඳහා එක් වීමට ශංහයි නගරයට පැමිණීමට ලැබීම පිළිබඳව සතුටු වන බව Kassym-Jomart Tokayev මහතා එහිදී සඳහන් කළේය. චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105 වන සංවත්සරය වෙත හෙතෙම සුබ පැතුම් පිරිනැමීය. ෂී ජින්පිං මහතාගේ විශිෂ්ට නායකත්වය යටතේ චීනය ලබා ඇති දැවැන්ත ජයග්‍රහණ ද ඔහුගේ ප්‍රසාදයට ලක් විය. කසක්ස්ථානයේ රාජ්‍යතාන්ත්‍රිකභාවය තුළ දෙරට අතර පවතින සබඳතා වෙත ප්රමුඛත්වයක් හිමි වේ. ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය මුලපිරුම් හතර හා පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැඟීමේ සංකල්පය කසක්ස්ථානය ඉහළින් අගය කරන බව ද Tokayev මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.මෙම හමුවීමෙන් පසු, නායක දෙපළ දෙරට ආර්ථික හා වෙළඳ, ගමනාගමන කටයුතු, මූල්‍ය, මාධ්‍ය යනාදී ක්ෂේත්‍ර රැසක ද්විපාර්ශ්වික ගිවිසුම්වලට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වූහ.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම