November 10, 2026

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ශැංහයිවලට පැමිණේ

එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා අද(16) ශැංහයි Pudong ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියේය. ඔහු ජූලි 17 වෙනිදා සිට 20 වෙනිදා දක්වා ශැංහයි හි පැවැත්වෙන 2026 ලෝක කෘත්‍රිම බුද්ධි සම්මේලනයට සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණය පිළිබඳ ඉහළ මට්ටමේ සමුළුවට සහභාගී වීමට නියමිතය.

මහලේකම්වරයා කෘත්‍රිම බුද්ධියේ ගෝලීය කළමනාකරණය ශක්තිමත් කිරීමේ වැදගත්කම බොහෝ අවස්ථාවලදී සඳහන් කර ඇත. මෑත වසරවලදී, එක්සත් ජාතීන්ගේ සංවිධානය, කෘත්‍රිම බුද්ධි කළමනාකරණය පිළිබඳ ගෝලීය සංවාදය සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාත්‍යන්තර විද්‍යාත්මක මණ්ඩලය යන යාන්ත්‍රණ දෙකක් ස්ථාපිත කර තිබේ. විවිධ රටවල් අතර සන්නිවේදනය වැඩි දියුණු කරමින් පොදු අදහස් ගොඩනැගීමට සහ සහයෝගීතාව පුළුල් කිරීමට එය වැදගත් වේදිකා සපයයි.

About The Author