නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) සුඩානය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය පවත්වා ගත යුතු බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී චීනය ප්‍රකාශ කළේය.
ආරක්ෂක මණ්ඩලය විසින් සුඩානයේ ඩාෆූර් ප්‍රදේශයේ තත්ත්වය ICC වෙත යොමු කර මේ වන විට වසර 20කට වැඩි කාලයක් ගත වී තිබේ. ජාත්‍යන්තර නීතියට අනුව බරපතළ ම ජාත්‍යන්තර අපරාධවලට එරෙහිව සටන් කිරීමට සහ ඒවාට දඬුවම් ලබාදීමට ජාත්‍යන්තර ප්‍රජාව දරන උත්සාහයට චීනය සහාය දක්වන බව එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත කාර්යාලයේ වැඩබලන ප්‍රධානී Sun Lei මහතා පැවසීය.
ICC ආයතනය අදාළ රටවල අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කළ යුතු බව ද චීන නියෝජිතයා අවධාරණය කළේය. සුඩානයේ ස්වෛරීභාවය, එක්සත්භාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමේ උත්සාහයන්ට චීනය දැඩි ලෙස සහාය දක්වන බවත්, සුඩානයට ඉක්මනින් සාමය හා ස්ථාවරත්වය යළි ගොඩනඟා සංවර්ධනය හා සමෘද්ධිය ළඟා කර ගැනීමට සියලු පාර්ශ්ව සමඟ එක් ව කටයුතු කිරීමට සූදානම් බවත් Sun Lei මහතා පැවසීය.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම