රටක මානව හිමිකම් පවතින්නේද යන්න, වෙනත් රටක ප්‍රමිතීන්ට හෝ රටින් රටට වෙනස් අන්දමින් අනුගමනය කරන ප්‍රමිතීන්ට අනුව විනිශ්චය කළ නොහැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන උප නිත්‍ය නියෝජිත Sun Lei මහතා පවසයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මානව හිමිකම් කවුන්සිලයේ තත්ත්වය සමාලෝචනය කිරීම පිළිබඳ කෙටුම්පත් යෝජනාව සම්මත කිරීමෙන් පසු පසුගියදා(6) ඔහු මේ බව පැවසීය. වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමේ දේශපාලන මෙවලමක් ලෙස මානව හිමිකම් භාවිත කර එක්සත් ජාතීන්ගේ සංවිධානය පීඩනය සහ ගැටුම් ඇති කරන ආයතනයක් බවට පත් කළ නොහැකි බව ද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.
“මානව හිමිකම් කවුන්සිලයේ තත්ත්වය” පිළිබඳ කෙටුම්පත් යෝජනාව ඒකමතික ව සම්මත කර ඇති බවත්, මානව හිමිකම් කවුන්සිලය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අනුබද්ධ ආයතනයක් ලෙස පවත්වා ගැනීම චීනය ඉහළින් පිළිගන්නා බවත් Sun Lei මහතා සඳහන් කළේ ය.
චීනය මානව හිමිකම්වලට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා විශාල වැදගත්කමක් ලබා දෙයි. සාධාරණ සහ අන්තර්කරණ ගෝලීය මානව හිමිකම් පාලන පද්ධතියක් ගොඩනැගීමට මෙන් ම මානව හිමිකම් කවුන්සිලය එහි වගකීම් මනා ලෙස ඉටු කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා සියලු පාර්ශ්වයන් සමඟ අඛණ්ඩ ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම