November 10, 2026

චීන-යුරෝපා වෙළඳ හා ආයෝජන සාකච්ඡා යාන්ත්‍රණයේ දෙවැනි නිත්‍ය රැස්වීම මේ වසරේ සරත් සෘතුවේදී 

лªÉçÕÕÆ¬£¬±±¾©£¬2025Äê5ÔÂ10ÈÕ ÕâÊÇ2025Äê5ÔÂ2ÈÕÔÚ±±¾©ÅÄÉãµÄÉÌÎñ²¿Íâ¾°¡£ лªÉç¼ÇÕß ÅËÐñ Éã

චීන-යුරෝපා වෙළඳ හා ආයෝජන සාකච්ඡා යාන්ත්‍රණයේ දෙවැනි නිත්‍ය රැස්වීම මේ වසරේ සරත් සෘතුවේදී පැවැත්වීමට නියමිත බව චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශක He Yadong මහතා ඊයේ (2) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. මේ වසරේ සරත් සෘතුවේදී යුරෝපීය කොමිසමේ වෙළඳාම හා ආර්ථික ආරක්ෂාව පිළිබඳ කමිටුවේ ප්‍රධානි Maroš Šefčovič මහතාට චීන සංචාරයක් සඳහා ඇරයුම් කර ඇත. ඒ අතරතුර චීන-යුරෝපා වෙළඳ හා ආයෝජන සාකච්ඡා යාන්ත්‍රණයේ දෙවැනි නිත්‍ය රැස්වීම පැවැත්වීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය. 

එමෙන්ම එම යාන්ත්‍රණයේ පළමු වැනි නිත්‍ය රැස්වීමේ තොරතුරු පිළිබඳව හෙතෙම දැනුම් දුන්නේය. අදාළ පළමු වැනි නිත්‍ය රැස්වීමේදී නව ක්ෂේත්‍ර, විභවය පවතින ක්ෂේත්‍ර හා ගැටලු පවතින ක්ෂේත්‍ර යන ක්ෂේත්‍ර තුන කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. කෘත්‍රිම බුද්ධිය හා හරිත පරිවර්ථනය යන නව ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීම, සේවා වෙළඳාමේ සැඟවුණු සහයෝගිතා හැකියාව සොයා ගැනීම, වෙළඳපොළට ප්‍රවේශ වීමේ සාකච්ඡා හරහා අන්‍යෝන්‍ය අවධානයට යොමු කෙරෙන ගැටලු විසඳා ගැනීම පිළිබඳව එහිදී වැඩියෙන් සාකච්ඡා කෙරිණ. ස්ථාවර, සමබර චීන-යුරෝපා කේන්ද්‍රීය වෙළඳ හවුල්කාරිත්වයක් වන චීන-යුරෝපා ආර්ථික වෙළඳ සබඳතාවේ නව දිශානතියක් කරා යොමු වීමට එහිදී දෙපාර්ශ්වයන් එකඟ වූ බව He Yadong මහතා පැවසීය. එය චීන-යුරෝපා ව්‍යවසායන්වල අපේක්ෂාව යහපත් කිරීමට ඉවහල් වන අතර චීනයට හා යුරෝපයට මෙන්ම ලෝක ආර්ථික සංවර්ධනයට ද එයින් වඩාත් වැඩි නිශ්චිතභාවයක් හා ධනාත්මක ශක්තියක් ලබා දිය හැකි බව චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

About The Author