November 10, 2026

චීනයේ සමස්ත ජයග්‍රහණ අත්පත් කර ගනු ලැබුවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ පාරම්පරික සාමාජිකයන්ගේ අභිමානවත් නායකත්වයෙන්–චීන ජනපති

චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105වැනි සංවත්සර සැමරුම් උත්සවය අද(01) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී වැදගත් දේශනයක් ද සිදු කළේය.

වසර 105ක නොනවතින අරගලය චීන ජනතාවගේ අනාගතය සහ ඉරණම මූලික වශයෙන් වෙනස් කර ඇති බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. වසර 105 ක මෙම අඛණ්ඩ අරගලය චීන ජාතියේ මහා පුනර්ජීවනය සාක්ෂාත් කර ගැනීම සඳහා නිවැරදි මාවත විවර කර ඇති බව ද ඔහු සඳහන් කළේය. වසර 105 ක මෙම ගමන්මග මාක්ස්වාදයේ බලගතු ජීව ගුණය ද මනාව පෙන්නුම් කර ඇත. එමෙන්ම, වසර 105 ක මෙම අඛණ්ඩ ඓතිහාසික අරගලය ලෝක ඉතිහාසයේ ගමන් මගට ප්‍රබල ලෙස බලපා ඇති බවත්, එය ශක්තිමත් ව චීන කොමියුනිස්ට් පක්ෂය ගොඩනැගීමට දායක වී ඇති බවත් ඔහු පැවසීය.

ගතවූ වසර 105 තුළ, චීනයේ සමස්ත ජයග්‍රහණ අත්පත් කර ගනු ලැබුවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ පාරම්පාරික සාමාජිකයන්ගේ අභිමානවත් නායකත්වයන් යටතේ සියලු ජනතාව ඉහළ කැපවීමෙන් කටයුතු කිරීම හේතුවෙනි. Mao Zedong, Deng Xiaoping, Jiang Zemin, Hu Jintao ඇතුළු එකල පක්ෂ‌යේ නායකයන් චීන ජාතියේ ඉතා විශිෂ්ට පුනරුත්ථාපනය උදෙසා අප්‍රමාණ දායකත්වයක් ලබා දී ඇති බවත්, ඔවුන් වෙත අපගේ ඉහළ ගෞරවය පිරිනමන බවත් ජනාධිපතිවරයා පැවසීය.

Mao Zedong, Zhou Enlai, Liu Shaoqi, Deng Xiaopin, Jiang Zemin ඇතුළු ජ්‍යෙෂ්ඨ පරපුරේ විප්ලවීය නායකයන් සහ හිටපු රාජ්‍ය නායකයන් මෙන්ම ජාතියේ ස්වාධීනත්වය හා රටේ සෞභාග්‍යය උදෙසා ජීවිත පිදූවන් සිහි කරමින් ඔවුන්ගේ ධෛර්වන්ත බව හා අප්‍රමාණ වටිනාකම් ද මහජනතාවගේ සිතෙහි අඛණ්ඩ ව රඳා පවතින බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය.

ජනතාව ඉතිහාසයේ නිර්මාතෘවරුන් සහ සැබෑ වීරයන් බවත්, විවිධ ක්ෂේත්‍රයන්හි වෙහෙස මහන්සියෙන් සේවය කරන සෑම තරාතිරමක ම සමස්ත ජනතාවට තම ඉහළ ම ගෞරවය පුද කරන බවත් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙනුවෙන්, ෂී ජින් පිං මහතා පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂය වසර 105ක අරගලය තුළ අඛණ්ඩ ව ජයග්‍රහණ අත්කර ගැනීමේ හේතුව මූලික වශයෙන් පක්ෂය සතු කැපී පෙනෙන ගුණාංග වන බවත් එය අනෙකුත් දේශපාලන පක්ෂ සහ බලවේගවලට නැති බවත් හෙතෙම සඳහන් කළේය.

සත්‍යය පසුපස නොසැලී හඹා යාම  සැමවිට ම චීන කොමියුනිස්ට් පක්ෂයේ නිවැරදි දිශානතිය සහතික කරයි. ඓතිහාසික මෙහෙවරට උරදීමේදී එහි ධෛර්යය සැමවිට ම උපායමාර්ගික මුලපිරීම පවත්වා ගැනීම සහතික කරයි. සංවර්ධන ප්‍රවණතාවලට අනුවර්තනය වීම ඔස්සේ පක්ෂය සෑම යුගයක ම ඉදිරියෙන්ම සිටීම සහතික කරයි. අරගලය සැමවිට ම ජයග්‍රහණය කෙරෙහි නොසැලෙන විශ්වාසය පවත්වාගන්නේය.

මෙම කැපී පෙනෙන ගුණාංග චීන කොමියුනිස්ට් පක්ෂයේ සාර්ථකත්වයේ යතුරයි. ඒවා නව යථාර්ථයන් සමඟ ඒකාබද්ධ කර පක්ෂයේ කැපී පෙනෙන ගුණාංග අඛණ්ඩ ව ඉදිරියට ගෙන යා යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

නව යුගයේ සහ නව ගමනේදී පක්ෂයේ මෙහෙවර සහ කාර්යයන් ඉටු කිරීම සඳහා, චීන කොමියුනිස්ට් පක්ෂයේ සියලුම සාමාජිකයින් තම විශ්වාසය තහවුරු කොට නව ජයග්‍රහණ අත්පත් කරගැනීමට උත්සාහ දැරිය යුතු බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

About The Author