ආසියා-ශාන්තිකර ආර්ථික සහයෝගිතා සංවිධානයේ (APEC) සංචාරක කටයුතු පිළිබඳ ඇමතිවරුන්ගේ 13 වන රැස්වීම පසුගියදා (27) චීනයේ මැකෞ විශේෂ පරිපාලන කලාපයේදී පැවැත්විණ. එහි සමස්ත සාමාජික රටවල් සහ කලාප 21කින් පැමිණි සංචාරක කටයුතු පිළිබඳ ප්‍රධානින් ඇතුළු විවිධ නියෝජිතයෝ ඊට එක්ව සිටියහ. ‘සංචාරක කර්මාන්තයෙන් පොදු ඉරණමක් සහිත ආසියා-ශාන්තිකර ප්‍රජාවක් ගොඩනැංවීමට සහාය වීම’ යන තේමාවෙන් යුතුව මෙම රැස්වීම පැවැත්විණ.
මෙම රැස්වීම APEC ‘චීන වසර’සඳහා වඩාත් වැදගත් වන සුවිශේෂී අංගයකි. APEC යාන්ත්‍රණය යටතේ පිහිටුවන ලද මෙම රැස්වීම ස්ථාපිත කිරීමෙන් පසු මේ දක්වා, විවිධ සාමාජිකයන් සංස්කෘතික හා සංචාරක සංවර්ධනයෙන් ලද ප්රතිලාභ එක්ව බෙදා ගැනීමට දායක වී තිබීම මෙහි විශේෂත්වයකි.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම