November 10, 2026

ජපාන රජයේ ක්‍රියාමාර්ග පිළිබඳ එරට ජනතාවගෙන් දැඩි විරෝධයක්

දිගු කාලයක සිට, ජපානයේ ඇතැම් බලවේග තම රටේ ආක්‍රමණශීලී ඉතිහාසය ප්‍රතික්ෂේප කිරීමටත් එය වෙනස් කිරීමටත් උත්සාහ කරමින් සිටින බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ(24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය. දෙවන ලෝක යුද්ධය  අතරතුර පැනනැගුණු ‘ජපාන හමුදා භටයින්ගේ ලිංගික වහලුන්’පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් එරට බලධාරීන් නිසි අවධානයක් දක්වා ‍නොමැත. එම ගැටළුවට ගොදුරු ව සිටින රටවල් වින්දිත පිරිස් ස්මරණය කරමින් තනන ස්මාරකය ඉදි කිරීමට ජපාන රජයෙන් අවහිර එල්ල වී තිබේ. මේ සම්බන්ධව සිවිල් කණ්ඩායම් හා මහජනතාව දැඩි කෝපයට ලක් වී ඇත.

සිය ආක්‍රමණශීලී ඉතිහාසය නිවැරදි ලෙස සලකා පාපොච්චාරණය කර සත්‍ය අනාවරණය කරන ලෙස චීනය, ජපාන රජයෙන් ඉල්ලන බව ද Guo Jiakun මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

About The Author