දිගු කාලයක සිට, ජපානයේ ඇතැම් බලවේග තම රටේ ආක්‍රමණශීලී ඉතිහාසය ප්‍රතික්ෂේප කිරීමටත් එය වෙනස් කිරීමටත් උත්සාහ කරමින් සිටින බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ(24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය. දෙවන ලෝක යුද්ධය අතරතුර පැනනැගුණු ‘ජපාන හමුදා භටයින්ගේ ලිංගික වහලුන්’පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් එරට බලධාරීන් නිසි අවධානයක් දක්වා නොමැත. එම ගැටළුවට ගොදුරු ව සිටින රටවල් වින්දිත පිරිස් ස්මරණය කරමින් තනන ස්මාරකය ඉදි කිරීමට ජපාන රජයෙන් අවහිර එල්ල වී තිබේ. මේ සම්බන්ධව සිවිල් කණ්ඩායම් හා මහජනතාව දැඩි කෝපයට ලක් වී ඇත.
සිය ආක්‍රමණශීලී ඉතිහාසය නිවැරදි ලෙස සලකා පාපොච්චාරණය කර සත්‍ය අනාවරණය කරන ලෙස චීනය, ජපාන රජයෙන් ඉල්ලන බව ද Guo Jiakun මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම