November 10, 2026

චීන-දකුණු කොරියා අග්‍රාමාත්‍යවරුන් අතර හමුවක්

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා අද (23) සවස Dalian නගරයේදී දකුණු කොරියාවේ අග්‍රාමාත්‍ය Kim Min-seok මහතා හමු විය. ගිම්හාන ඩාවෝස් සංසදයට සහභාගි වීම සඳහා Kim Min-seok මහතා චීනයට පැමිණ සිටී.

ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ දකුණු කොරියා නිල සංචාරයේදීත්, Lee Jae-myung ජනාධිපතිවරයාගේ චීන නිල සංචාරයේදීත් දෙරටේ රාජ්‍ය නායකයන් එකඟතා රැසකට පැමිණ ඇති බව චීන අගමැති Li Qiang මහතා එහිදී පැවසීය. චීනය හා දකුණු කොරියාව අතර වෙළඳ සහයෝගීතා විභවයන් විශාල ය. දකුණු කොරියාව සමග එක් ව, සම්බන්ධීකරණය තහවුරු කරමින් විවෘත ආකාරයේ ආසියා-ශාන්තිකර ආර්ථිකයක් ගොඩනැංවීමට දායක වීමටත් නිදහස් වෙළඳාම හා බහුපාර්ශ්වවාදය ආරක්ෂා කිරීමටත් චීනය සූදානම් බව හෙතෙම එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

දෙරට ජනාධිපතිවරුන් අතර පැවති හමුවීම් ඉතා වැදගත් බවත්, නායක දෙපළ දෙරටෙහි උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරීත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් දායකත්වයක් ලබා දී ඇති බවත් Kim Min-seok මහතා අවධාරණය කළේය. චීන ව්‍යවසායකයන්ට තම රටෙහි ආයෝජනය කරන ලෙස දකුණු කොරියාව ආරාධනා කරයි. චීනය සමග එක්ව, කර්මාන්ත සැපයුම් දාමය පිළිබඳ සහයෝගීතාව ශක්තිමත් කිරීමට සූදානම් ව සිටින දකුණු කොරියාව, ජාත්‍යන්තර කටයුතුවලදී චීනය ඉටු කළ කාර්යභාරයන් ඇගයීමට ලක් කරන බව ද හෙතෙම එහිදී සඳහන් කළේය.

About The Author