තායිවාන ප්‍රදේශය චීනයේ කොටසක් බවට දකුණු කොරියාව සිය ස්ථාවරය පැහැදිලි කිරීම පිළිබඳව චීනය ප්‍රතිචාර දක්වයි.
චීන මහජන සමූහාණ්ඩුවේ රජය චීනයේ එකම නීත්‍යනුකූල රජය ලෙස දකුණු කොරියා රජය පිළිගන්නා අතර, එකම චීනය පැවතීමේ සහ තායිවාන ප්‍රදේශය චීනයේ කොටසක් වීමේ චීනයේ ස්ථාවරයට ගරු කරන බව චීන-දකුණු කොරියා රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන් වේ. එම ප්‍රකාශයේ සඳහන් වන අයුරින් දකුණු කොරියාවේ ස්ථාවරය වෙනස් නොවන බව දකුණු කොරියා විදේශ අමාත්‍යාංශයේ ඊසානදිග සහ මධ්‍යම ආසියානු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශය කළේය.
ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා එදින අදාළ මාධ්‍ය විමසුමකට පිළිතුරු දෙමින් චීනයේ ප්‍රතිචාරය දැක්වීය. දකුණු කොරියානු විදේශ අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් එම ද්විපාර්ශ්වික ඒකාබද්ධ ප්‍රකාශයේ තායිවාන ප්‍රදේශයට අදාළ කරුණු පැහැදිලිව සඳහන් කිරීම චීනය අගය කරන බව ඔහු පැවසීය.
දෙරටේ දේශපාලන පදනම ආරක්ෂා කිරීම සඳහා, දකුණු කොරියාව දේශපාලන පොරොන්දු අනුගමනය කරමින්, ප්‍රායෝගික පියවර මගින් එකම චීනය මූලධර්මය ක්‍රියාත්මක කරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව හෙතෙම අවධාරණය කර ඇත.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම