උතුරු කොරියාවේ රාජ්‍ය සංචාරයක් සඳහා චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහා ලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා අද(8) පෙරවරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං නගරයෙන් පිටත් විය. උතුරු කොරියානු කම්කරු පක්ෂ මහා ලේකම්, එරට රාජ්‍ය කටයුතු කොමිසමේ සභාපති කිම් ජොන්-උන් මහතාගේ ඇරයුමට අනුව ඔහු මෙම සංචාරයට එක්විය.
ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ ආර්යාව වන Peng Liyuan මහත්මිය, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික, මධ්‍යම කාර්යාල අධ්යක්ෂ Cai Qi මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා ඇතුළු පිරිස මෙම සංචාරයට එක් වෙති.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම