“අතීත ජයග්‍රහණ මත එක්ව ඉදිරියට යමින්, චීනය සහ උතුරු කොරියාව අතර සාම්ප්‍රදායික මිත්‍රත්වයේ නව පරිච්ඡේදයක් නිර්මාණය කරමු” යන මැයෙන් යුතු චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ලිපිය උතුරු කොරියාවේ ප්‍රධානතම පුවත්පත වන Rodong Sinmunහි පළ කෙරේ. උතුරු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමේ සූදානම නිමිත්තෙන් ෂී ජින්පිං මහතාගේ අත්සන සහිත මෙම ලිපිය අද(08) ප්‍රකාශයට පත් කෙරිණ.
කාලය සහ ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීනය සහ උතුරු කොරියාව අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය කිසිදා නොබිඳිය හැකි මෙන්ම කල් පවතින බවත්, නිරන්තරයෙන් එය නව ජීව ශක්තියෙන් යුතුව ඉදිරියට යන බවත් ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ එම ලිපිය පෙන්වා දෙයි. චීන-උතුරු කොරියානු සබඳතා පවත්වා ගැනීම, තහවුරු කිරීම සහ සංවර්ධනය කිරීම චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ චීන රජයේ නොසැලෙන ක්‍රියාමාර්ගයකි. වර්තමානයේ නව ඓතිහාසික ආරම්භක සංධිස්ථානයක පවතින චීන-උතුරු කොරියානු සබඳතාව, නව සංවර්ධන අවස්ථාවලට මුහුණ දෙමින් යුගයේ නව මෙහෙවර භාර ගනිමින් සිටී. දෙරට සබඳතා උපායමාර්ගික දෘෂ්ටිකෝණයකින් අවබෝධ කර ගෙන, කාලයට ගැලපෙන පරිදි එය වර්ධනය කරමින් වැඩි ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා උතුරු කොරියාව සමග එක්ව ක්‍රියා කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා සඳහන් කළේය.
චීනය සහ උතුරු කොරියාව අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය මෙම යුගයේ වඩාත් දීප්තිමත් ලෙස පැවතීමට සහ කලාපීය මෙන්ම ගෝලීය සාමය, ස්ථාවරත්වය, සංවර්ධනය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමට වැඩි දායකත්වයක් ලබා දීම සඳහා උතුරු කොරියානු සහෝදරවරුන් සමග අත්වැල් බැඳගෙන කටයුතු කරමින් නව පරිච්ඡේදයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව ෂී ජින් පිං මහතා සිය ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.
More Stories
10 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ
රාජ්‍ය සංචාරයක් සඳහා උතුරු කොරියාවට පැමිණි චීන ජනපති වෙත උණුසුම් පිළිගැනීමක්
චීන ජනපති උතුරු කොරියාවේ රාජ්‍ය සංචාරයකට බෙයිජිං නගරයෙන් පිටත් වේ