May 31, 2026

යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය

යුරෝපා කොමිසම නිදහස් වෙළඳාම හා සාධාරණ තරඟය අනුගමනය කරනු ඇතැයි චීනය අපේක්ෂා කරයි.

චීනය සමග සබඳතා පිළිබඳව යුරෝපා කොමිසම ඊයේ(29) සාකච්ඡා කළ බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශය මාධ්‍ය හමුවකදී විමසුමකට පිළිතුරු දෙමින් ප්‍රතිචාරය දැක්වීය.

යුරෝපා කොමිසම ලෝක වෙළඳ සංවිධානයේ නීතිරීතිවලට අනුකූල වෙමින්, ආරක්ෂණවාදයට සහ ඒකපාර්ශ්විකත්වයට දැඩි ලෙස විරුද්ධ වනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව චීන වාණිජ අමාත්‍යාංශය පැවසීය.

වෙළඳ සහ ආයෝජන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳව චීනය සහ යුරෝපා කොමිසම ගවේෂණය කරමින් සිටින අතර, ඒ වෙනුවෙන් සංවාද පවත්වනු ඇතැයි ප්‍රකාශ කෙරිණ. යුරෝපා කොමිසම නව වෙළඳ ප්‍රතිපත්ති හඳුන්වා දී වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම්, සිය අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇතැයි චීන වාණිජ අමාත්‍යාංශය අවධාරණය කර ඇත.

About The Author