May 31, 2026

චීනයේ ඩිජිටල් නිෂ්පාදිතයන්හි සාධනීය වර්ධනයක්

චීනයේ ඩිජිටල් නිෂ්පාදිත සාධනීය වර්ධනයක පවතී. චීන වාණිජ අමාත්‍යාංශය ඉකුත් ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා කාලය තුළ රටෙහි ඊ-වාණිජ්‍ය වර්ධනය පිළිබඳ නවතම දත්ත නිකුත් කර තිබේ. එම කාලය තුළ චීනයේ ඊ-වාණිජ්‍යය අඛණ්ඩව සක්‍රිය කාර්යභාරයක් ඉටු කර ඇත. එහි ඩිජිටල්කරණය මගින් කර්මාන්ත වැඩිදියුණු කිරීම, අවස්ථාවෝචිත පරිභෝජනය උත්තේජනය කිරීම සහ ගෝලීයකරණය තුළින් සහයෝගිතා අවකාශ පුළුල් කිරීම සමගින් සැබෑ ආර්ථිකයේ අඩිතාලම තහවුරු වී තිබේ.

චීන වාණිජ අමාත්‍යාංශය නිකුත් කළ අදාළ දත්තයන්ට අනුව, ඉකුත් ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා කාලය තුළ පාගමනින් යාමේදී සහාය වීම සඳහා පැළඳිය හැකි ස්මාර්ට් උපාංගයන්හි මාර්ගගත සිල්ලර අලෙවිය 785.5%කින් වර්ධනය විය. එසේම ස්මාර්ට් ඇස් කණ්ණාඩි හා මානවරූපී රොබෝවරුන්ට අදාළ මාර්ගගත සිල්ලර අලෙවිය ද වෙන් වෙන්ව 175.2%කින් හා 20.6%කින් වැඩි වී තිබේ.

About The Author