චීනය හා ආසියන් රටවල්“දකුණු චීන මුහුද පිළිබඳ විවිධ පාර්ශ්වයන්ගේ ක්‍රියාකාරීත්ව ප්රකාශනය”ක්‍රියාත්මක කිරීම සඳහා 26 වැනි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම ඊයේ(21) මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී පැවැත්වීය.
දකුණු චීන මුහුදේ සාමය සහ සන්සුන්භාවය පවත්වා ගැනීමේ වැදගත්කම විවිධ පාර්ශ්වයන් ඒකමතිකව එහිදී අවධාරණය කර ඇත. එම ප්‍රකාශය පුළුල් හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා තමන්ගේ කැපවීම ඔවුහු නැවත තහවුරු කළහ. දකුණු චීන මුහුදේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා සංවාද සහ උපදේශන ශක්තිමත් කිරීමට ඔවුහු එකඟත්වය පළ කළහ. “දකුණු චීන මුහුද පිළිබඳ ක්‍රියාකාරීත්ව සංග්‍රහය” පිළිබඳ උපදේශනවල පවතින ධනාත්මක ප්‍රගතිය සියලුම පාර්ශ්වයන් තහවුරු කළේය. එයට කඩිනමින් එළඹීමට එම උපදේශන විධිමත්ව පවත්වා ගැනීමට ද ඔවුන් කැමැත්ත පළ කර ඇත.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති