පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමකට පැමිණීමෙන් පසු එහි තත්ත්වය යම් දුරකට වැඩිදියුණු වී ඇති නමුත් ප්‍රහාර එල්ල කිරීම් සම්පූර්ණයෙන්ම අවසන් වී නොමැති බව එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Fu Cong මහතා පවසයි. හෙතෙම ඊයේ(21) පලස්තීන-ඊශ්‍රායල ගැටලුව පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ විවෘත විවාදයකදී මේ බව ප්‍රකාශ කළේය.
සටන් විරාමයට එළඹුණු දා සිට, ඊශ්‍රායලය සෑම දිනකම පාහේ බෝම්බ හෙලීම සහ ප්‍රහාර එල්ල කරන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස 870 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවත් ඔහු පැවසීය. චීනය සියලු පාර්ශ්වයන්ගෙන්, විශේෂයෙන් ඊශ්‍රායලයෙන්, සටන් විරාම ගිවිසුමට සම්පූර්ණයෙන්ම අනුකූල වන ලෙසත්, ගාසා තීරයේ සැබවින්ම කල් පවතින සටන් විරාමයක් අරඹන ලෙසත් ඉල්ලා සිටින බව ඔහු තවදුරටත් පැවසීය.
පලස්තීන ගැටලුව විසඳීමට ඇති එකම සාර්ථක මාර්ගය “ද්වි-රාජ්‍ය විසඳුම” බව Fu Cong මහතා අවධාරණය කළේය. පලස්තීන ප්‍රශ්නයට හැකි ඉක්මනින් පුළුල්, සාධාරණ සහ කල් පවතින විසඳුමක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමග කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ඔහු පවසා ඇත.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති